පොඩි ඔන්චිල්ලාවක සිරවූ ‘‘අලි‘‘ ළමයකු බේරා ගැනීමට ගිනි නිවීම් භටයින් 15 දෙනෙකු පැමිණීමේ සිදුවීමක් බි‍්‍රතාන්‍යයෙන් වාර්තා වේ.
කුඩා ළමයින් සඳහා වූ ඔන්චිල්ලාවක වාඩිවූ තරුණියක් එහි සිරවී යළි නැඟීටීමට ගත නොහැකි වීම නිසා හදිසි අනතුරු අංශ අමතා ඇත.
ඇය බලාපොරොත්තු වූයේ පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු පැමිණ ඇය බේරා ගැනීමට මෙහෙයුමට අඩු නැතිව ගිනි නිවීමේ භටයින් 15 දෙනෙකුම අනුයුක්ත කිරීමට බළධාරීන් කටයුතු කර තිබුණි.
බේරා ගැනීමේ කි‍්‍රයාදාමය සිදුවූ මුළු කාලයේ ඇය සිටියේ දෑතින්ම මුහුණ වසාගෙන ලැජ්ජාවෙනි. මඟතොට ගිය විශාල පිරිසක්ද ගිනි නිවීම් භටයින් 15 දෙනෙකුට මෙතන කරන්නට ඇති කාරිය කුමක්දැයි නැවතී බලා සිටියහ.
අවසානයේ ඇය ඔන්චිලි අසුනින් නිදහස් කෙරුණි.ඇය වහ වහා එම ස්ථානයෙන් ඉවත්ව ගියාය.
මේසා ගිනි නිවීම් භට පිරිසක් මෙවන් සුළු සිද්ධියකට අනුයක්ත කළේ මන්දැයි විමසූ විට බලධාරීන් ප‍්‍රකාශ කර තිබුණේ ළමයින් පිළිබඳ වන සිදුවීම් තමන් ඉතා බැරෑරුම්ව සලකා බලන බවයි.එනිසා සියලූ අවස්ථා වලට සූදානමින් භට පිරිසක් අනුයුක්ත කළ බව ඔවුන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගෙත් ඔන්චිල්ලාවක් තියනවා.... පැදලා හිර වෙන්නකෝ කව්රුහරි (නි)