‘එක් පවුලකට එක් දරුවෙක්‘ යන නීතිය සංශෝධනය කිරීමට චීනය සැරසෙයි.
චීනයේ ජනගහණය ඉහළ යාම පාලනය කිරීමට හඳුන්වාදී ඇති මෙම නීතිය කි‍්‍රයාත්මක වන්නේ 70 දශකයේ සිටය.නීතිය කඩ කර දරුවන් දෙතුන් දෙනෙකු හදන දෙමව්පියන් වේ නම් ඔවුන් මත දැඩි දඩ පැනවීමටත් ඇතැම් අවස්ථාවන්හිදී ඔවුන්ගේ සියලූ දේපළ රාජසන්තක කරවීමටත් චීනය ක්‍රියා කළේය.
නීතිය හදුන්වාදීමෙන් පසු ගතවූ කාලවකවානුවේ චීන ශ‍්‍රමිකයින්ගේ ශීඝ්‍ර අඩුවීමක් සිදුව ඇතැයි සොයාගැනීමට හැකිය.
තවද ගබ්සා මධ්‍යස්ථාන,වඳ සැත්කම් වැනි සමාජ සදාචාරයට පටහැනි කි‍්‍රයා ඉහළ යාමක්ද හදුනාගත හැකි වී තිබීම මෙම තීරණයට තවත් හේතුවක් වී ඇත.
කෙසේ නමුත් සංශෝධනයන් සිදුකිරීමට යන්නේ කොන්දේසි මත පිහිටාය.මව හා පියා ඔවුනොවුන්ගේ දෙමව්පියන් හට සිටිනා එකම දරුවන් පමණක් වේ නම් එම යුවළට තවත් දරුවෙකු හදා වඩා ගැනීමේ අවසරය ලබා දෙනු ඇත.
මේ නීතිය චීනයේ ඇතැම් පළාත්වල දැනටමත් කි‍්‍රයාත්මක කෙරේ ඒ කෙසේ වුවත් චීනයේ ඉහළ පෙළේ පවුල්වල දරුවන් දෙතුන් දෙනා සිටිතියි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ඔය ලණුව කෑවා. පුංචි පවුල රත්තරන් කියලා ලස්සන දැන්වීමෙන් පටන් ගත්තේ. සිංහලයා වද කරන්න.නර්ස් නෝනා තමයි ගම වටේම තෝල්ක වැඩේ කළේ (නි)
ලෝකයේ සිදුවෙන සෑම දරු උපත් හතරකින් එකක් චීනයේ කියනවනේ. රටවල් 176 ක් පදනම් කරගෙන 'ට්‍රාන්පෙරන්සි ඉන්ටනැෂනල්' ආයනය සිදුකළ දුෂණ සමීක්ෂණයේ 80 වැනි තැනට පහළට වැටුණු චීනය, බිලියන දෙකක ජනගහනයකුත් නඩත්තු කරගෙන දැන් ආර්ථික යෝධයෙක් බවටත් මහා බලවතෙකු බවටත් පත්වෙමින් සිටින්නේ. ඔවුන්ගේ මොන ප්‍රශ්න තිබුනත් නිවැරදි ප්‍රතිපත්ති යටතේ රට ඉදිරියට යන බව නේද ඒකෙන් පැහැදිලි වෙන්නේ? ජනගහන ප්‍රතිපත්තිය ඒකේ කොටසක්. (නි)
පුංචි පවුල රත්‍රන් කියා එදා සිට ප්‍රචාරය ගෙනගිය බව මේ වීඩියෝවෙන් පේනවා.(නදී)
ඒ කෙසේ වුවත් චීනයේ ඉහළ පෙළේ පවුල්වල දරුවන් දෙතුන් දෙනා සිටිතියි කියති. (නි)
පුංචි පවුල රත්තරන් කියල හිතුවේ සිංහලයා විතරයි ලංකාවේ. (ස)
කොයි නීතියත් පොඩි එකාට විතරයි.ලොක්කන්ට ඕනේ තරම් සැප.පොඩ්ඩන්ට හුලන්. (ස)
පවුලක දරුවන් අඩු වීම නිසා ඇතිවන සමාජ ප්‍රශ්න ගැන දැන් දැන් කතා කරන්න පටන් අරන්.තමා සමඟ සෙල්ලම් කරන්න කතාබහ කරන්න සම වයසේ කෙනෙක් තමන්ගේ නිවසේ නැතිවීම නිසා දරුවන් විශාල මානසික ගැටලු වලට මුහුණ පානවා. චීන රජය ගත් මෙම තීරණය පිළිබඳව අපේ නායක උතුමන්ලාගේ අවධානය යොමු වේවා. (ස)
තීරණයන් යනු කාලයෙන් කාලයට අවස්ථා අනුව වෙනස් වේ. එහි හොඳ නරක තීරණය වනුයේ අවසාන ප්‍රතිපලය අනුවයි. (ස)
කොහොමින් කොහොමින් හරි අර සුද්ද වූ යුද්දෙට කියල ළමයි හදන ත්‍රස්තවාදී ආගමිකාරයො මේ ලොකෙන් තුරන් වුනදාට මේ ලෝකෙ ලස්සන තැනක් වේවි... (ස)
රවිඳු, නිකන් මුස්ලිම් ජනතාවට බොලඳ කතා නොකිය හිටයනම් නුවණට හුරුයි. (ස)
මෙහෙම තමන්ට ළමයි දාහක් හරි කමක් නැහැ නඩත්තු කරන්ඩ පුළුවන් තරමට සල්ලි දේපල තියනවා නම් හැදුවට කමක් නැහැ. නැතිව කන්න බොන්න උගන්වන්න සල්ලි නැතිව ළමයි කාලකන්නි කරන්ඩ නම් හැදුවේ නැතිවට කමක් නැහැ. (ස)
මම නං එහෙම මුස්ලිම් කියල කිව්වෙ නෑ...නිසාර් - කුවේට් ඔයාම කිව්වනේ.. හොදා හොදා. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ නේද??.(නදී)
ඕකෙන් මේකෙන් චීනයේ විකුනපු ආරක්ෂක කොපු සහ ගැබ්බර නොවන පෙති විශේෂයට විකුණුම නැතුව යනවා . .සමහර විට ලංකාවට ආධාර වශයෙන් එම කොපු සහ පෙති චීනය විසින් එවාවි . .(නදී)
පුංචි පවුල රත්තරන් කතාව වගේ. මං තවත් එකක් කියන්නම්. ලංකාවේ ළමයි දැන් ඉගෙන ගන්නවා, රැකියා කරනවා, ඊට පස්සේ කසාද බදින්නේ. එතකොට වයස් සීමාව ගිහින්. ළමයි ලැබෙන සුලබතාව අඩු වෙනවා. ඇයි දුප්පත් අයට ළමයි වැඩි?ඒ අය කිසිදෙයක් හිතන්නේ නැතුව අඩු වයසෙන්ම කසාද බදිනවා, ළමයි හදනවා. ආර්ථිකය ප්‍රශ්නයක් තමයි, එහෙත් අපි මේකට විසදුමක් ගෙනෙන්න වෙනවා. (නි)
චීන පාලනයේ 70 දසකයේ ගත්ත තීරණයට මම විරුද්ධ නැහැ. අපේ අයගේ පුංචි පවුල රත්තරන් කියන අදහසට මම එකග වෙනවා. ජාතිය ගොඩන ගන්න කියල පුළුවන් තරම් දරුවන් බිහි කරොත් වෙන්නේ මව් රැකවරණය සීමිතව හිමි අර්ධ පහසුකම් සහිත දරුවන් කොට්ටාශයක් බිහිවීම. එය ජාතියට විශාල බලපෑමක් කරනවා. අද බලන්න සමහර ජාතිකයන් ජාතිය ගොඩනගන්න කියල වැඩිපුර දරුවෝ හදල මොකද වෙලා තියෙන්නේ ඒ දරුවන් ත්‍රස්තවාදීන් වෙලා. ආගම්වාදීන් වෙලා.එහෙම උනේ මොකද කියල හිතන්න ඕන. ඒ ගෙදර දරුවන් වැඩි උනාම එකෙක්වත් හරියට හදා ගන්න බැරි නිසා. (ස)