‘එක් පවුලකට එක් දරුවෙක්‘ යන නීතිය සංශෝධනය කිරීමට චීනය සැරසෙයි.

චීනයේ ජනගහණය ඉහළ යාම පාලනය කිරීමට හඳුන්වාදී ඇති මෙම නීතිය කි‍්‍රයාත්මක වන්නේ 70 දශකයේ සිටය.නීතිය කඩ කර දරුවන් දෙතුන් දෙනෙකු හදන දෙමව්පියන් වේ නම් ඔවුන් මත දැඩි දඩ පැනවීමටත් ඇතැම් අවස්ථාවන්හිදී ඔවුන්ගේ සියලූ දේපළ රාජසන්තක කරවීමටත් චීනය ක්‍රියා කළේය.

නීතිය හදුන්වාදීමෙන් පසු ගතවූ කාලවකවානුවේ චීන ශ‍්‍රමිකයින්ගේ ශීඝ්‍ර අඩුවීමක් සිදුව ඇතැයි සොයාගැනීමට හැකිය.

තවද ගබ්සා මධ්‍යස්ථාන,වඳ සැත්කම් වැනි සමාජ සදාචාරයට පටහැනි කි‍්‍රයා ඉහළ යාමක්ද හදුනාගත හැකි වී තිබීම මෙම තීරණයට තවත් හේතුවක් වී ඇත.

කෙසේ නමුත් සංශෝධනයන් සිදුකිරීමට යන්නේ කොන්දේසි මත පිහිටාය.මව හා පියා ඔවුනොවුන්ගේ දෙමව්පියන් හට සිටිනා එකම දරුවන් පමණක් වේ නම් එම යුවළට තවත් දරුවෙකු හදා වඩා ගැනීමේ අවසරය ලබා දෙනු ඇත.

මේ නීතිය  චීනයේ ඇතැම් පළාත්වල දැනටමත් කි‍්‍රයාත්මක කෙරේ ඒ කෙසේ වුවත් චීනයේ ඉහළ පෙළේ පවුල්වල දරුවන් දෙතුන් දෙනා සිටිතියි කියති.