සිරියාවේ සිදුවුණු විස වායු ප‍්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම සැකැසූ වාර්තාව ඊයේ (16) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ට පිරිනැමුණි.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එම වාර්තාවේ මුල් පිටපත මහ ලේකම් බෑන් කී මූන්ට පිරිනමනු ලැබුවේ පරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දුන් මහාචාර්ය ඒක් සෙල්ස්ට්‍රෝම් විසිනි.
ඉන්පසු වාර්තාවේ පිටපත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තානාපති වරුන්ට ලබා දීමට නියමිතව තිබුණි.
එම වාර්තාවේ සඳහන් වී ඇති කරුණු මෙතෙක් වාර්තා වී නැතග එහි අඩංගු කරුණු අද (17) මාධ්‍යවලට ලබා දීමට නියමිතව ඇතැයි පැවසෙයිග
ඉකුත් 21 වැනිදා සිදුවුණු එම විස වායු ප‍්‍රහාරයට සම්බන්ධ සිරියානු රජය ද එසේත් නැතිනම් රජය පෙරැුළීමට සටන් වදින කැරැුලිකාර පාර්ශ්වය ද යන්න එම වාර්තාවේ සඳහන් වී ඇතැයි ද මාධ්‍ය වාර්තා ඊයේ කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම එම වාර්තාව මහ ලේකම් බෑන් කී මූන්ට ලබා දුන්නේල සිරියානු රජයත් රුසියාවත් එක් වී ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරල සිරියානු රජයේ රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට සාකච්ඡා කරගත් අවස්ථාවකදීය.
රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට සිරියානු රජයට සතියක කාලයක් ලබා දීමට ද ඇමෙරිකාව එම යෝජනාවලියට කැමැත්ත ලබා දෙමින් කියා තිබුණි.
|
මහාචාර්ය ඒක් සෙල්ස්ට්‍රෝම් (වමේ) පරීක්ෂණ වාර්තාව මහ ලේකම් බෑන් කී මූන්ට පිරිනැමූ අවස්ථාව ... |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ ලෙස සිරියාව වැරදි නම් මේ නාටක කිසිවක් නැහැ. (නි)
ආයේ මොනවද ඉතින් අහන්න දෙයක් නැහැ (දී)
රණතුන්ගේ, ඉන්න මම ඔය කියපු කෑල්ල මෙහෙම අවසන් කරන්නම්.."අනේ මග කට". (නි)
දී කිරට බළල්ලුත් ඥාව්...ඥාව්...කියනවලු. තෙල් තියේනම් කොයි රටෙත් ලොකු සෝපා දෙනවලු. අපට කොයින්ද කිරි බාප්පලා.(නදී)
මෙම වාර්තාව එන්නට පෙරම ඔහු සිරියාව වැරදිකරුවා කර කතා කළා. මෙම වාර්තාව මධ්‍යස්ථද කියන එක තමා අපට ඇති ප්‍රශ්නය (නි)