සිරියාවේ සිදුවුණු විස වායු ප‍්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම සැකැසූ වාර්තාව ඊයේ (16) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ට පිරිනැමුණි.
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී එම වාර්තාවේ මුල් පිටපත මහ ලේකම් බෑන් කී මූන්ට පිරිනමනු ලැබුවේ පරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දුන් මහාචාර්ය ඒක් සෙල්ස්ට්‍රෝම් විසිනි.
ඉන්පසු වාර්තාවේ පිටපත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තානාපති වරුන්ට ලබා දීමට නියමිතව තිබුණි.
එම වාර්තාවේ සඳහන් වී ඇති කරුණු මෙතෙක් වාර්තා වී නැතග එහි අඩංගු කරුණු අද (17) මාධ්‍යවලට ලබා දීමට නියමිතව ඇතැයි පැවසෙයිග
ඉකුත් 21 වැනිදා සිදුවුණු එම විස වායු ප‍්‍රහාරයට සම්බන්ධ සිරියානු රජය ද එසේත් නැතිනම් රජය පෙරැුළීමට සටන් වදින කැරැුලිකාර පාර්ශ්වය ද යන්න එම වාර්තාවේ සඳහන් වී ඇතැයි ද මාධ්‍ය වාර්තා ඊයේ කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කණ්ඩායම එම වාර්තාව මහ ලේකම් බෑන් කී මූන්ට ලබා දුන්නේල සිරියානු රජයත් රුසියාවත් එක් වී ඇමෙරිකාව සමඟ සාකච්ඡා කරල සිරියානු රජයේ රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට සාකච්ඡා කරගත් අවස්ථාවකදීය.
රසායනික අවි තොග අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට සිරියානු රජයට සතියක කාලයක් ලබා දීමට ද ඇමෙරිකාව එම යෝජනාවලියට කැමැත්ත ලබා දෙමින් කියා තිබුණි.
|
මහාචාර්ය ඒක් සෙල්ස්ට්‍රෝම් (වමේ) පරීක්ෂණ වාර්තාව මහ ලේකම් බෑන් කී මූන්ට පිරිනැමූ අවස්ථාව ... |
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එ.ජා. පරීක්ෂණ වාර්තාව මහ ලේකම් බෑන් කී මූන්ට
කටා මාමා Tuesday, 17 September 2013 09:50 AM
සැබෑ ලෙස සිරියාව වැරදි නම් මේ නාටක කිසිවක් නැහැ. (නි)
රණතුංග Tuesday, 17 September 2013 04:21 PM
ආයේ මොනවද ඉතින් අහන්න දෙයක් නැහැ (දී)
මිනිපෙ Tuesday, 17 September 2013 11:46 PM
රණතුන්ගේ, ඉන්න මම ඔය කියපු කෑල්ල මෙහෙම අවසන් කරන්නම්.."අනේ මග කට". (නි)
හේරත් Wednesday, 18 September 2013 04:12 AM
දී කිරට බළල්ලුත් ඥාව්...ඥාව්...කියනවලු. තෙල් තියේනම් කොයි රටෙත් ලොකු සෝපා දෙනවලු. අපට කොයින්ද කිරි බාප්පලා.(නදී)
හේෂාන් මානවඩු ඉතාලිය Tuesday, 17 September 2013 02:01 PM
මෙම වාර්තාව එන්නට පෙරම ඔහු සිරියාව වැරදිකරුවා කර කතා කළා. මෙම වාර්තාව මධ්‍යස්ථද කියන එක තමා අපට ඇති ප්‍රශ්නය (නි)