උසාගි නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (23) දකුණු දිග චීනයේ ගුවන්ඩොං පළාත හරහා හමා ගියේය.
හදිසියේ හටගත් ජල ගැලීම් සහ නාය යෑම් හේතුවෙන් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. උන්හිටිතැන් අහිමි වූවන්ගේ ගණන ලක්ෂයට වැඩිය.
විපතට පත්වූවන්ට කඩිනමින් අවශ්‍ය සහනාධාර ලබාදීමට පියවර ගන්නා බව චීන බලධාරීහු පවසා ඇත.
උසාගි සුළි කුණාටුව චීනයට කඩා වැදුණේ පිලිපීනය පසු කිරීමෙන් පසුවය. පිලිපීනයේ ද ප‍්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවී ඇත.