කාන්තාර උෂ්ණත්වයක් සහිත ඩුබායිහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා වැඩි වේ. නමුත් සෙල්සියස් අංශක 6ක් පමණ උෂ්ණත්වයක් සහිත සීතල අවන්හලක් පිළිබ`ද ඩුබායිි නගරයකින් වාර්තා වේ. චිල්අවුට් අයිස් කැෆේ නමින් එය හදුන්වා දී ඇත.
හිරු එළිය නොවදින ලෙස නිමවා ඇති මෙම ආපන ශාලාව අයිස් තිර යොදා, සම්පූර්ණයෙන්ම කැටයම් කරන ලද අයිස් වලින් නිර්මාණය කර ඇත. දීප්තිමත් විදුලිබල්බ යොදා කැටයම් සහිත අයිස් වලින් පහන් නිර්මාණය කර තිබේ. මේස හා පුටු, හැ`දි ගෑරප්පු පමණක් නොව පිඟන් සහ කෝප්ප නිර්මාණය කර ඇත්තේද අයිස් වලිනි. පොළව විශේෂ පිඟන් ගඩොල් වර්ගයක් යොදා නිර්මාණය කර ඇත. මෙම අවන්හල අයිස් වලින් නිර්මාණය කර ඇතත් කිසිම තෙතමනක් හෝ ස‍්‍රාවයක් නැත.
පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය අනුව උණුසුම් ඇදුම් සහ සපත්තු මිලදී ගැනීමටද අවස්ථාව ඇත.
චිල් අවුට් අයිස් කැෆේ ලොව එකම අයිස් අවන්හල නොවන අතර එහි විශේෂත්වය පිහිටා ඇති ප‍්‍රදේශයයි. හිරු එළියෙන් පිච්චෙමින් සිටින බොහෝ දෙනෙකුට වෙනසක් ලෙස චිල් අවුට් කදිම අවස්ථාවකි. ඩොලර් 16ක් (රුපියල් 2100ක්)වැනි මුදලක් මෙයට ඇතුල් වීම ස`දහා අය කරන අතර තමන්ගේ අවශ්‍යතාවයන් අනුව මුදල් ගෙවා ඇ`දුම් සහ පාන වර්ග ඇනවුම් කිරීමට සෑම පාරිභෝගිකයකුටම හැකියාව ඇත..jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොකෝ ගුණරත්න එහෙම හිතෙන්නේ ඩුබායි වල සල්ලි ගැන. ඔබට සහ අපේ රටේ උදවියට හිතෙන්න ඕනෑ ඩුබායි සල්ලි ගැන නොවේ. අපේ චන්දෙන් ගිහින් අපේ සල්ලි හොරකන් කරලා මාලු ටැංකි පොලවේ හයි කරලා හෙලිකොප්ටර් බාන්න මාලිගා තනන දේශපාලකයෝ ගැන. ඒ සල්ලි දුප්පත් අපිට දුන්නා නම් ... (නි)
ගුණරත්න,ඔබ යුරෝපා රටක ඉදලා තියනවා නම් ඔය වගේ මෝඩ කතාවක් කියන්නේ නැහැ. එංගලන්තේ විනාඩි පහෙන් පහට වගේ දේශගුණය වෙනස් වෙනවා. වැස්ස,සුළග,අව්ව,සීතල රස්නේ? මේ වගේද මේ සීතල අවන්හල සුරපුරයක් වගේනේ. (නි)
ඩුබායි රට තෙල් සල්ලි වලින් කරන්න තියෙන ඔක්කොම කරනවා. රටේ මිනිස්සුත් බොහෝ සන්තෝසෙන් ඉන්නවා. වෙනත් මැද පෙරදිග රටවලට වැඩිය නිදහස තිබෙනවා. එහෙත් එය පමණ ඉක්මවා ගියොත් කරදරේ. ඩුබායි රජ පවුල තෙල් සල්ලි තමන්ගේ බුක්තිය කරගෙන ඉන්නේ. එහෙත් රටටද වැඩක් කරනවා. (නි)
අයිස් දියවෙන්නේ නැද්ද ? (නි)
ඩුබායි වල තියෙනවා හිම ක්‍රීඩා කැන තැන් හදල ගොඩනැගිලි ඇතුලේ.ඒවාට යන්ඩ පුළුවන් සල්ලි කාරයන්ට විතරයි. ඇතුලට ගියාම හිතාගන්න බැහැ මේ ඉන්නේ ඩුබායි වලද යුරෝපා රටකද කියලා.වෙලාවකට හිතෙනවා මේ වියදම් කරපු සල්ලි අපේ රටට දුන්නා නම් රටේ මුළු ජනගහනයටම අවුරුදු පනහක් විතර කන්ඩ අදින්න පුළුවන් කියලා (නි)
ඇත්තටම ලස්සන තැනක්.මේක පටන් අරගෙන දෙන අවරුදු 5ක් විතර වෙනවා.ගුණරත්න මහතා කිව්ව කතාව මාත් අනුමත කරනවා.(අ) .
ජනක හරි, ඩුබායි වල අය වියදම් කරන්නේ එයාලගේ සල්ලි. අපේ රටේ අහිංසක ජනතාවගෙත් සල්ලි සුරා කාලනේ ලොකු ලොක්කන් මාළිගාවල රජ සැප විදින්නේ. (නදී)
සන්තෝසයි බාලන්නත් ආසයි
අපේ රටේ හොරකම් විතරයි කරන්න දන්නේ. මේ මිනිස්සු තමන්ගේ රට ලස්සනට තියාගන්න උත්සාහ කරනවා. (නි)