පෘථිවි වායුගෝලයට ඇතුළුවුණු උල්කාපාතයක් ඇස් නිලංකාර වන තරමේ එළියක් නිකුත් කරමින් පුපුරා යනු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කෙරී තිබේ.වීඩියෝව පටිගත කර ඇත්තේ රුසියාවේදීය.
ඇතැමුන් සැක කරන්නේ මෙය උල්කාපාතයක් නොව රුසියාව අත්හදා බැලූ මිසයිලයක් බවයි.තවත් අය මේ පිටසක්වල යානයකැයි කියයි.
නමුත් 2013 වසරේ රුසියාවට ඉහළ අහසේ පුපුරා ගිය උල්කාපාතය හා මෙම අවස්ථාව සන්සන්දනය කර ඇති විද්‍යාඥයින් මෙයත් උල්කාපාතයක පිපිරීමක් ලෙස හදුන්වාදී තිබේ.
පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුව පෘථිවිය වෙතට ඇදී එන අභ්‍යාවකාශයේ නිදහසේ පාවෙමින් තිබෙන පාෂාණ වැනි ද්‍රව්‍යයන් උල්කාපාත ලෙස හැදින්වේ.මේවා පෘථිවියේ වායුගෝලය හා ගැටෙන විට ඇතිවන ඝර්ෂණය නිසා ගිනි ගන්නා අතර එවිට මහත් ආලෝකයක් විහිදේ.සාමාන්‍ය ප‍්‍රමාණයේ උල්කාපාතයක් නම් වායුගෝලයේදීම ගිනි ගෙන කැබලි වී විනාශව යන අතර ප‍්‍රමාණයෙන් විශාල එකකට නම් පෘථිවිය මතටම පතිත වී මහත් විනාශයක් සිදුකළ හැකි බව විද්‍යාඥයින් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක "ධම්මෝ හවේ රක්ඛති" වෙන්න ඕනේ (දී)
වෙලාවට ඕක ලංකාවේ වුණේ නැත්තේ. නැත්නම් උල්කාපාත ඇමති කෙනෙකුත් පත් කරයි. (ත)
උල්කාපාත වේවා මිස්සිලයක් වේවා ඕනෑම දෙයක්. දැන් දැන් කවුරු කවුරුත් බලයටයි දඟලන්නේ. බලාගෙන ඉමු කවුද දිනන්නේ කියලා. ‘‘ධම්මෝ බවේ රක්කති ධම්මචාරි“ (ස)