පවතින මතභේද දුරුකරලීමේ අරමුණින් උතුරු සහ දකුණු කොරියා නියෝජිතයෝ දේශසීමාවේ, දෙරටටම පොදු කර්මාන්ත කලාපයේ පිහිටි පැන්මුන්ජොම් ගම්මානයේදී හමුවී සාකච්ඡුා ආරම්භ කළහ.


දෙරටේ නියෝජිතයන් අතර පෙරේදා (8) ඇරැඹි එම සාකච්ඡුා ආරම්භ කිරීමෙහිලා මැදහත්කරු ලෙස කටයුතු කළේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයයි.
උතුරු සහ දකුණු කොරියාව අතර මේ අයුරින් සාකච්ජා ආරම්භ වුණේ වසර දෙකකට පසුව යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
එම සාකච්ඡුාවල ප‍්‍රධාන අරමුණ වූයේ දෙරටටම පොදු වූ දේශසීමා කලාපයේ පිහිටි කර්මාන්ත පුරයේ කටයුතු මීට මාස කිහිපයක් තිස්සේ ඇණහිටීම සම්බන්ධයෙනි.
කර්මාන්ත පුරයේ කටයුතු ඇණ හිටියේ දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට උතුරු කොරියානු රජය අනතුරු ඇඟවීම නිසාය.
උතුරු කොරියානු රජය එම අනතුරු ඇඟවීම කළේ දකුුණු කොරියාවත් ඇමෙරිකාවත් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමත් සමඟය.