උතුරු සහ දකුණු කොරියා නියෝජිතයන් දෙරට දේශසීමාවේ පිහිටි කර්මාන්ත කලාපයේ දී ඊයේ (10) ආරම්භ කළ සාකච්ඡා ඵලදායී වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
එම සාකච්ඡා පැවැත්වෙන්නේ දෙරටේ මතභේද ධුරු කරලීමේ අරමුණින්ය. සාකච්ඡා පැවැත්වෙන්නේ දෙරටටම පොදු කර්මාන්ත කලාපයේ පිහිටි පැන්මුන්ජොම් ගම්මානයේදීය. පැන්මුන්ජොම් ගම්මානය සාම ගම්මානය ලෙස ද නම් කර ඇත.
සාකච්ඡා ආරම්භ කිරීමේ මැදහත්කරු ලෙස කටයුතු කළේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයයි.
එම සාකච්ඡාවල ප‍්‍රධාන අරමුණ වූයේ දෙරටටම පොදු වූ දේශසීමා කලාපයේ පිහිටි කර්මාන්ත පුරයේ කටයුතු මීට මාස කිහිපයක් තිස්සේ ඇණහිටීම සම්බන්ධයෙනි.
කර්මාන්ත පුරයේ කටයුතු ඇණ හිටියේ දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට උතුරු කොරියානු රජය අනතුරු ඇඟවීම නිසාය. උතුරු කොරියානු රජය එම අනතුරු ඇඟවීම කළේ දකුුණු කොරියාවත් ඇමෙරිකාවත් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමත් සමඟය. උතුරු සහ දකුණු කොරියාව අතර මේ අයුරින් සාකච්ඡා ආරම්භ වූයේ වසර දෙකකට පසුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොද අදහසක්. රටවල් 2 ටම සුබ අනාගතයක් (නි)
ප්‍රීති ප්‍රීති ප්‍රීති.... (නි)
උතුරයි දකුනයි දෙකම ඇමෙරිකාවේ ඇම ගිලල තියෙන්නේ. උතුරු කොරියාව බොරුවට දගලපු නිසා ඇමෙරිකාව දකුණු කොරියාවත් එක්ක ආරක්ෂක ගිවිසුමක් ලේසියෙන්ම ගහ ගත්ත. ඕක ඇමෙරිකන් වැඩක්. එකෙන් දැන් ඇමෙරිකාවට ආසියාවේ බලය තහවුරු කරන්න පුළුවන්. චීනය වටකරන වැඩේ ලෙහෙසි උනා. සුද්ද කවදත් කපටිය. බොරු කියන්නේ. බෙදා පාලනය කිරීම කියන සංකල්පය තමා ඔතන තියෙන්නේ. ලංකාවේ අපිටත් ඕකම තමා කරන්න හදන්නේ. එත් තාම එක ඇමෙරිකාවට කරගන්න බැරි උනා. (අ)
උතුරු කොරියාව දැන් සමාජවාදේ කුණු බක්කියට දමන්න කාලේ හරි. ඕකෙන් රට ලෝකේ දුප්පත්ම රට බවට පත් උනා මිසක වෙන වෙච්ච සුගතියක් නැහැ.අඩුම ගානේ චිනේ වගේ ප්‍රතිසංස්කරණ වත් හදුන්වා දෙන්ට වෙයි.නිකන් තමන්ගේ ප්‍රශ්න වැඩි වෙද්දී අල්ලපු රටට කචල් දම දමා ඉදල හරියන්නේ නැහැ කිම් මහත්තයෝ. (දී)