උතුරු ඉන්දියාවට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලට හසුවීමෙන් මියගිය ගණන 131 තෙක් ඉහළ ගොස් ඇතැයි සහන සේවකයෝ පවසති.
ඉන්දියාවට මෝසම් වැසි සමය උදා වූයේ මීට සතියකට පමණ පෙර සිටය. මහ වැසි හේතුවෙන් ගංගා නදිය පිටාර ගැලීමෙන් උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්ත රැසක් ජලයෙන් යට වී ඇත.
නාය යෑම්වලට හසුවීමෙන් මාර්ග අවහිර වී උතුරු ඉන්දියාවේ වන්දනාවේ ගිය වන්දනාකරුවන් 73,000 ක් දෙනකු පමණ කොටුවී සිටින බවත් ඔවුන් බේරා ගැනීමට හමුදා හෙලිකොප්ටර් යානා යොදවා ඇති බවත් වාර්තා වේ.
වැසි සමය උදා වීමත් සමඟ මදුරුවන්ගෙන් බෝවන එන්සෙපලයිටිස් උණ රෝගය සීඝ‍්‍රයෙන් පැතිර යෑමට පටන් ගෙන ඇති බවත් මේ වනවිට දරුවන් සියයකට වැඩි පිරිසකට එම රෝගය බෝවී ඇති බවත් ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.
දරුවන් 13 දෙනකු පමණ රෝගය උත්සන්න වීමෙන් මියගොස් ඇති බව උතුරු ඉන්දියානු රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් බිය පළ කරන්නේ මේ වසර අවසන් වෙද්දී රෝගීන්ගේ ගණන 1000 ඉක්මවනු ඇති බවය.
|
එන්සෙපලයිටිස් උණ වැළඳීමෙන් ප‍්‍රතිකාර ගන්නා දරුවන් |
COMMENTS
අයියෝ...! එහෙම කියන්න තරම් ලංකාවේ සමහරු මේ තරම් දරුණු මොකෝ? මොනව වුනත් පොඩි දරුවෝ දකිනකොට හද කම්පාවෙනවා.එහෙම කියන්න එපා ! (නි)
ශිලා, සම්පත් ඔයගොල්ල අදහන අගම මොකද්ද, අහිංසක මිනිස්සුන්ට කරදරයක් උනහම ඔහොම කියන්න එපා, කාට උනත් මේවගේ විපිත් වෙන්න පුළුවන්, මතක තියාගන්න බුදුහාමුදුරුවොත් ඉන්දියාවේ ඉපෙදුනේ කියලා.(ස)
ලෝකේ ශ්‍රම වෙළඳ පොලේ පඩි අඩුවෙලා තියෙන එක හේතුවක් තම ඉන්දියන් කාරයෝ. තුට්ටු දෙකට වැඩ කරන්ට දාහක් උනත් ඉන්නවා. තව තව වැහැලා තව තව නන්නත්තාර වේවා. මොකෝ අපට කරන්නෙම හතුරුකම්නේ.(නදී)
ඉන්දියාව විනාශ වේවා!(නදී)