කාන්තාවන්ටත් උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතැයි යන්න මුල් කරගෙන සංවිධානය කර තිබූ විරෝධතාවක් පසුගියදා බ්‍රසිීලයේ ඉපනෙමා වෙරළ තීරයේදී පැවැත්විනි.
රැස්ව සිටි මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් ඉදිරියේ කාන්තාවෝ රැසක් තම උඩුකය ඇගලූම් උනා දැමූහ.
පසුව ඡායාරූප ශිල්පීන් හා මාධ්‍යවේදීන් පැවසුවේ තමන් මිීට වඩා සහභාගීත්වයක් දැකීමේ අපේක්ෂාවෙන් පැමිණි බවයි.නමුත් එය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් කරගත් බවක් නම් නොපෙනුනි.
බ්‍රසීලය ලිංගිකත්වය හා සම්බන්ධ පෙරළිකාර නීති ඇතිකිරීම සම්බන්ධයෙන් නම්දරා සිටින රටකි.විශේෂයෙන් එරට සැනකෙළි දිනයන්හිදී නිරුවතටද ඉඩක් ලබා දී එයද විනෝදාස්වාද මාධ්‍යයක් බවට පත්කර ගැනීමට බ්‍රසීල ජාතිකයින්ට නීතියෙන්ම අවසර ඇත.නමුත් අවස්ථාව කුමක් වුවත් ප්‍රසිද්ධියේ කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම එරට දණ්ඩ නීති සංග්‍රහයෙන්ම තහනම් කර ඇත්තකි.
විරෝධතාවේ පසු විපරමක් සිදුකර ඇති විචාරකයින් පවසන්නේ විරෝධතාවට සහභාගී වූ කාන්තාවන් සංඛ්‍යාව සැළකීමේදී ඇතැම් කාන්තාවන්ට උඩුකය නිරුවතින් සිටීමේ අයිතිය ඇතිකර ගැනීමට අවශ්‍ය වුවත් බොහෝ අය එවැන්නකට අකමැති බවත් පෙනෙන බවයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අයගේ නම් උඩුකය වහන්නම වෙනවා. (ත)
පොටෝ ගන්න විදියෙන්ම පේනවා පිරිමි මොන තරම් උනන්දුවක් දක්වනවද කියලා. (නදී)
ඔයා හරි රන්දික, එංගලන්තේ අය අපේ ඇඳුම් එහෙට අරගෙන ගියා. (ත)
ඉස්සර කොහොම වුනත් දැන් අපේ කාන්තාවෝ රට තනපට බැඳලා ඊට උඩින් හැට්ටේ ඇඳලා සාරිය පොටවල් කීපයක් එක පිට එක එන්න නවපු සාරිපොට උඩුකයට දාල රෙදිපොටවල් දහයකින් විතර උඩුකය වහනවා. අපේ රටේ සමහර ප්‍රදේශ උෂ්ණාධික වුනාට අපිට ප්‍රසිද්ධියේ උඩුකය නිරාවරණය කිරීම ගැලපෙන්නේ නැහැ.(නදී)
කෝ.... තව පින්තුරු ටිකක් දැම්මොත් නේද හොද ? (ත)
එහෙම වුනොත් මාර වැඩේ.(නදී)
කාන්තාවන්ගෙ සියුම් දේවල් කාටත් පේන්න තියන්න හොද නෑ.(නදී)
එංගලන්තේ මිනිස්සු ලංකාවෙ ඇදුම් ගත්තා. ලංකාවෙ අපේ අය එංගලන්තෙ යල් පැනපු වික්ටොරියානු ඇදුම් රටාව ගත්තා . (ත)
නිරුවත් කාන්තාවට ආබරණයක්.. කළාත්මක ඇසකින් බලන්න පුරුදුවෙන්න... (ත)
ඔහෝම්ම ම යටි කයත් නිරාවරණය කරන්න නීති ගෙනාවොත් මොකද? එතකොට මිනිසා සහ සත්වයා අතර වෙනස හොයාගන්නම බැහැනේ. (ත)
ගැහැණියකගේ නිරුවත පෙරේත කමින් නොබලා සරලව දැක්මක් ඇති කරගන්න පුළුවන් නම් නිරුවත ගැටළුවක් නෙමෙයි. නිරුවත හරිම අලංකාර දෙයක්. දැක්ම තමයි වෙනස් කරගන්න ඕනෑ.(නදී)
උණවටුන පැත්තට හවසට ගියානම් බලන්න පුළුවන් (ත)
පුරාණයේ අපට සුපුරුදු දේවල්,ඒ හැටි ගාණක් නැහැ.(දිල්)
නිරුවත වනාහි කාමයේ දොරටුවයි. එය ප්‍රසිද්දියේ රඟ දැක්වීම නොහොබිනා ක්‍රියාවකි. ආදරයේ ප්‍රතිපලයක් ලෙස නිරුවත එළිදැක්වුවත් එය ලෝක වාසි සියලුම දෙනාට ප්‍රදර්ශනය කිරීමට තැත් කිරීම මානසික ආබාදයකි.(නදී)
තව ෆොටෝ නැද්ද ? (ත)
ටික ටික වානර යුගයට ගමන් කරනවා නේද? (නදී)
සෞදියෙත් ළඟදීම බලන්න පුළුවන් (ත)
උඩුකයට අඳින්නේ උඩුකය වහන්න විතරක් නොවේ. ලැම පහත් වෙලා නම් ඔසවා තියන්නත් උඩුකය ඇඳුම් භාවිතා වෙනවා.(නදී)
වෙන රටවල සංස්කෘතිය අපේ රටට ගැලපෙන්නේ නැහැ. අපිට තියෙන්නෙ ශිෂ්ඨ සංස්කෘතියක්.(නදී)
සීගිරි ලලනාව මොනතරම් ලස්සනද? උෂ්ණ රටකට ඇදුම් ඕනි අඩුවෙන්. (ත)
විපුලගේ කතාව හරියටම හරි. නොපෙනී තියනකන් හැම දේකම වටිනාකමක් තියනවා.(නදී)
මෙය නිතරම පෙනෙන්නට තිබුනොත් එහි අගය අඩුවෙනවා.(නදී)
නයිට් රේස් වගේ අපිත් මේ වගේ දේවල් ඉදිරියේදී කරනවා.(නදී)
මට නම් කියන්න තියෙන්නේ විලි ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වැඩිය ලොකුයි කියලා විතරයි.(නදී)
ඩුප්ලිකේට් බන්දුල කැමති උනාට මම නම් කැමති නැහැ. ඕක ඇරගෙන යන්න දුන්නම ඔන්න තරුණ ගැණු ලමයි විතරක් යනවා නම් කමක් නැහැ. ඒ වුනාට එයාල විතරක් නෙමෙයිනේ. මැදි වියේ සහ වයසක ආච්චිලත් යන්න ගත්තොත් එහෙම මොන දෙවියන්ට කියන්නද?(නදී)
සීගිරි ලලනාවක් ඇත්තටම දකින්න පොඩි ආසාවක් තිබුනා.(නදී)
අපිටත් සැප පහසුයි මේක. උඩට අඳින්න ඕනෙත් නෑ. හැබැයි පිරිමි මේ දේ දකින හැටි තමයි හිතන්න ඕනේ.(නදී)
මට නම් හිතෙන විදියට ඕක එළියේ දා ගෙන හිටියොත්, අගයක් නැතිවෙලා යනවා, ඕක හංගගෙන ඉන්නකම් තමයි මේ ඔක්කොම.(නදී)
මම නම් කැමතියි.(නදී)
හැම වෙලාවේම දකිද්දී අගයත් නැති වෙනවා.(නදී)
හරි ශෝක්නෙ සුමංගල. මමත් කියන්නේ එහෙම හොඳා. රජ කාලේ පුලුවන්නම් ඇයි දැන් බැරි නේද? (නදී)
උඩු කය නිරුවත්ව සූර්‍යාලෝකයෙන් කැන්සර් නැති කර ගන්න පුළුවන්.(නදී)
ලංකාවේ අපි කවද මේවගේ සුබ දසුන් දකින්නද? බිතු සිතුවම් බලාවත් සැනසෙමු...(ත)
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වැඩි දෙනාගේ කැමැත්ත. නමුත් සැමවිටම ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි දේ නොවන බවට මේක උදාහරණයක්. බලන්න අපේ රටේ පිරිමින්ගෙන් ඡන්ද විමසීමක් කලොත් තරුණ ගැහැණුන්ගේ උඩුකය වැසීම තහනම් කරීමේ පනතකට අනිවාර්යෙන් 90% ඡන්දය හිමිවෙනවා මේ කොමෙන්ට් අනුව. ඔන්න ප්‍රජතන්තර්වාදය.(නදී)
කාන්තාවගේ වටිනාකම අඩුවේවි කියා සිතනවා. නමුත් ආඩම්බර කමත් අඩුවේවි (ත)
රජකාලේ ලලනාවෝ උඩුකය නිරුවත්ව හිටියේ නෑ. තනපටයක් කියා එකක් තිබුණා. දැ වගේ මානසික ලෙඩ්ඩු ඒ කාලේ හිටියේ නෑ. (ත)
අපොයි. (ත)
රජ කාලෙ ලාංකික කාන්තාව උඩුකය නිරුවත් හිටියනම්, දැන් එහෙම කළා කියලා සිංහල සංස්කෘතිය හානියක් වෙන්නෙ කොහොමද? මුළු සිරුරම වැහෙන කාන්තා ඇදුම් සංකල්පෙ අපිට ආවෙ එන්ගලන්තෙ වික්ටොරියා සංස්කෘතියෙන්..(ත)
ස්වාසිලන්තේ හැම වසරකම ප්‍රසිද්දියේ එරට රජතුමා ඉදිරියේ උඩු කය නිරුවතින් තරුණියන් දෙදහකට ආසන්න පිරිසක් නැටුමක් ඉදිරිපත් කරනවා, ඉන් හොඳම නිරුවත තමයි රජතුමා සහේට අරගන්නේ. (ත)