සතියකට වැඩි කාලයක් මුද්‍රණය නවතා තිබූ උගන්ඩාවේ ඩේලි මොනිටර් පුවත්පත නැවත මුද්‍රණය අරඹා තිබේ.

ජනරාල්වරයකු විසින් එවන ලදැයි සඳහන් ලිපියක් පළ කිරීම පත්තරය මුද්‍රණය නැවැත්වීමට හේතුවයි.

ලිපියෙන් කියවුණේ ජනාධිපති යොවේරි මුසවේනි තම පුත්‍රයා බලයට ගෙන ඒමට උත්සහ කරන බවයි.

ඊට එරෙහි වන්නන් ඝාතනය කරන බවද එහි ලියා තිබිණි.

ආයතනයේ රඳවා තිබූ පොලිස් නිලධාරීන් මේ වනවිට පිටව ගොස් ඇත.

ඩේලි මොනිටර් පුවත්පතට අනුබද්ධ ගුවන් විදුලි මධ්‍යස්ථාන දෙකක් මෙන්ම තවත් පුවත් පතක් ද වසා දමා තිබුණි.