IMG-LOGO

2024 මැයි මස 20 වන සඳුදා


ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැද ඊශ්‍රායලය, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරයට පහර දීමට සූදානම් වන බැවිනි.

රෆා යනු ගාසා තීරයේ දකුණු දෙසින්, ඊජිප්තුවට මායිම්ව පිහිටින නගරයයි. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් පසු, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්කවලට පහර දීම ආරම්භ කළේය.

ඊශ්‍රායල හමුදා ගුවනින් සහ ගොඩබිමින්, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී, උතුරු දිග ගාසා තීරයේ සිටි පලස්තීන වැසියන් දකුණු දිග ගාසා තීරයේ රෆා නගරයට ගියේය. දැන් ගාසා වැසියන් මිලියන 1.3 ක්, සරණාගතයන් ලෙස ජීවත් වන්නේ රෆා නගරයේය.

ඊශ්‍රායලය පවසා ඇත්තේ රෆා නගරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණයෙන් ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානම් බවය. මේ වනවිටත් ඊශ්‍රායල හමුදා විටින් විට රෆා නගරයට ප්‍රහාර එල්ල කිරීම සිදු කරයි. 

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගෙන් අවස්ථා කීපයකදී ඉල්ලා ඇත්තේ රෆා නගරයට පහර දීමෙන් වළකින ලෙසය. රෆා නගරයට පහර දුන්නොත්, මහා විනාශයක් සිදුවේවි යැයි ද ඇමෙරිකන් ජනාධිපති බයිඩන් බිය පළ කර ඇත. ඊශ්‍රායලයට යැවීමට සූදානම් කළ බෝම්බ තොගය, තාවකාලිකව ඊශ්‍රායලය යැවීම නැවැත්වීමට ඇමෙරිකන් රජය තීරණය කළේ මේ නිසාය.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි

Sellakkara Kolla Wednesday, 08 May 2024 12:41 PM

ඕව නම් කිඹුල් කඳුළු. කොහොමහරි මිලේච්චයින්ව ඉවර කරන එක නම් හොඳයි.

:       11       12

Alfread Wednesday, 08 May 2024 01:13 PM

පලස්තීන ජනතාව විඳින දුක ගැන ඉතාමත් කණගා‍ටුයි. ඒ වුණත් ඉස්සෙල්ලම උන් නේ පහර දුන්නේ. කිසිම තේරුමක් නැති මෝඩ යුද්ධයක්. වටේ ඉන්න ඉස්ලාම් රටවල් කොච්චර ඔය යුද්ධෙ ඇවිලුවත් උන් එක පලස්තීන් කාරයෙක් වත් තමන්ගේ රටට ගන්න සූදානම් නැහැ. උන් බඩගින්නේ පිපාසේ මැරුණත් කිසිම උපකාරයක් නැහැ. මේවා අරාබියට කඩේ යන ලංකාවේ ගොන්නුන්ටත් හොඳ පාඩම්. ලොකු උන්ගේ ගොන් කම් නිසා දුක් විඳින්නේ අහිංසක දරුවෝ. ලෝකෙම යුධ ගිනි නිවී සාමය උදා වේවා!

:       6       25

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 2895 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


සෞදි රජුට හොඳට උණ
2024 මැයි මස 19 1485 0

සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්


ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ බෙදීමක්
2024 මැයි මස 19 114 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර ආරම්භ කළ අවස්ථාවේ යුද කැබිනට් මණ්ඩලයක් පිහිටුවීය. යුද්ධය සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගන්නේ ම


වියට්නාම් මහජන ආරක්ෂක ඇමැති ජනපති වෙයි
2024 මැයි මස 19 73 0

වියට්නාමයේ පුරප්පාඩුව පැවැති ජනපති ධුරයට, එරට ආරක්ෂක ලේකම් 66 හැවිරිදි ටෝ ලාම් නම් කිරීමට, එරට කොමියුනිස්ට් පක්ෂ පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.


රුසියාවත් ඉන්දියාවත් අතරේ වීසා ඕනෑ නැහැ
2024 මැයි මස 19 93 0

ඉන්දියාවත් රුසියාවත් අතරේ සංචාරය කරන සංචාරකයන්ට වීසා රහිතව ඔවුන්ගේ ගමන් බිමන් සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිමක් සකස් කර දීමට දෙරට අතරේ එකඟත්වයක් ඇතිකරග



මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 805 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site