IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පැයක් ඇතුළත 51 ක් මැරිලා

ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් පැයක් ඇතුළත පලස්තීන වැසියන් 51 දෙනකු මියගොස් ඇති බවත්, 281 දෙනකු තුවාල ලබා ඇති බවත් පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය අද (12) නිකුත් කළ නිවේදනයක දැක්විණි.

පලස්තීන වැසියන් මියගොස් ඇත්තේ ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ සබ්රා, අල් සයිටෝම්, අල් නෆාක් සහ තාල් අල් හාවා යන නගරවලට එල්ල කළ ප්‍රහාරවලිනි.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ප්‍රහාර ආරම්භ කළේ පසුගිය 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ගොඩබිමින්, ගුවනින් සහ මුහුදින් පහර දීම් ආරම්භ කිරීමත් සමඟය.

එදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතරේ දරුණු ගැටුම් ඇවිලෙයි. එම ගැටුම්වලින් මියගිය පලස්තීනුවන් ගණන 1,100 කි ගැටුම්වලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 1,200 ට වැඩිය.

හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා සෙබළුන් අතරේ ගොඩබිම සටන් ද දරුණු බව පැවැසෙයි. ගොඩබිම සටන් පවතින්නේ ගසා තීරයේ ජෙනින් සහ කල්කිල්යා යන නගරවලය.

(අල් ජසීරා)



අදහස් (1)

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පැයක් ඇතුළත 51 ක් මැරිලා

Bamunuarachchi Friday, 13 October 2023 03:55 PM

නියමයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site