IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ඊශ‍්‍රායල අගමැති ඔබාමා හමුවී ඉරානය ගැන අනතුරු අඟවයි

ඇමෙරිකාවේ සංචාරයකට පැමිණි, ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්හායු ඊයේ (29) ධවල මන්දිරයේදී, ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා හමුවී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත්වීය.

ඊශ‍්‍රායල අගමැතිවරයා එම අවස්ථාවේදී ජනපති ඔබාමාගෙන් ඉල්ලීමක් කළේ, ඉරානයට කිසිම ආකාරයක බුරුළක් ලබා දීමට කටයුතු නොකරන ලෙසය.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බවත්, ඉරානය ඊට මුවා වී පරමාණු බෝම්බ තනන බවත් ඊශ‍්‍රායල අගමැතිවරයා යළිත් වරක් පෙන්වා දුන්නේය.

ඉරානය ලෝක බලවතුන්ගේ අණට අකීකරු නොවී දිගටම කටයුතු කරන්නේ නම්, ඔවුන් සමඟ න්‍යෂ්ටික සාකච්ඡුා පැවැත්වීමෙන් පලක් නොවන බව ද ඊශ‍්‍රායල අගමැති නෙදන්යාහු ඇමෙරිකා ජනපතිවරයාට පෙන්වා දුන්නේය.

ඇමෙරිකාවේ මැදපෙරදිග මිතුරා වන ඊශ‍්‍රායලය තරයේ කියා සිටින්නේ, ඉරානයේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන ලෝක සාමයට බාධාවක් කියාය. ඊශ‍්‍රායලය අවස්ථා කිහිපයකදී ඉරානයට පහර දීමට ද උත්සාහ කළේය. එහෙත් ඇමෙරිකාව ඊට හරස් විය. ඇමෙරිකාව ඉරානයට වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පැනැවූයේ එම අවස්ථාවේදීය.

 



අදහස් (0)

ඊශ‍්‍රායල අගමැති ඔබාමා හමුවී ඉරානය ගැන අනතුරු අඟවයි

කුමාර් Wednesday, 30 October 2013 03:39 PM

මුතුකුඩ, ඔයා ඉතිහාසේ කියවල නැද්ද? ඊශ්‍රායලය අවුරුදු 4000 දාහක් තිස්සේ ඔවුන්ගේ ජන්ම දේශය. ආබ්‍රහම්, යාකොබ්, ඉසාක්, දාවිඩ්, ජේසුස් ඒ ඔක්කොම යුදෙව්වරු. (ස)

:       0       0

රාජ් Thursday, 31 October 2013 12:03 PM

පුළුවන් නම් ඊශ්‍රායලයට ගහන්න කියන්න කෝ? (ස)

:       0       0

රෝස Wednesday, 30 October 2013 06:02 PM

මුතුකුඩ,මොනවත් හරියට දන්නේ නැතුව කතාකරන්න එපා (නි)

:       0       0

සම්පත්.බොලොඥ Wednesday, 30 October 2013 07:11 PM

යුදෙවුවරු කියන්නේ ලෝකයේ මොළේ වැඩිම ජාතිය. සිංහලයා මෙන් ලෝකයෙන් වදවී යන ජාතියක්. සිංහලයන් වන අපට යුදෙව්වන්ගෙන් ලොකු උපකාර ලබා ගන්න පුළුවන්. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 30 October 2013 08:01 PM

කුමාර්,රෝස්,ඊශ්‍රායලය පලස්තීනය අාක්‍රමනය කළ අාකාරය ඔබලා නොදන්නවාට මුලු ලොවම එය ඉතා හොදින් දන්නා ප්‍රසිද්ධ රහසකි (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 30 October 2013 02:12 PM

බලෙන් රට අල්ලාගෙන ඉන්න ඊශ්‍රායල්කාරයා අනුන්ගේ හාල් කිරන්නැතිව තමුන්ගේ වැඩක් බලා ගත්තා නම් ඉවරයි. (ස)

:       0       0

මධු Wednesday, 30 October 2013 08:35 PM

මුතුකුඩ නමින් පෙනී ඉන්න කෙනා මොන වරිගේ කෙනෙක්ද? (නි)

:       0       0

මධු Wednesday, 30 October 2013 03:07 PM

ඊශ්‍රායලයට ජය වේවා ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 92 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 77 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1175 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1731 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2772 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 5168 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1176 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1483 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 384 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site