IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඊබේ සමාව ගනී

දෙවන ලෝක යුද සමයේ නාසි වද කදවුරු වල රදවා සිටි රැදවියන් කිහිපදෙනෙකුට අයත්යැයි සැළකෙන ඇදුම් පැළදුම් හා බඩු බාහිරාදිය අන්තර්ජාලයේ ප්‍රකට භාණ්ඩ හුවමාරු හා වෙන්දේසි වෙබ් අඩවියක් වන ඊබේ වෙබ් අඩවිය ඔස්සේ අලෙවි වීම ලොව පුරා ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමට මුල්වී ඇත.

මෙම ගනුදෙනුව කිසිසේත් සදාචාරසම්පන්න නොවන්නේ යැයි බහුතරයකගේ මතය වී තිබේ. බියකරු නාසි වද කදවුරක දහසකුත් එකක් වද විද මිය ගිය අයෙකුට අයත්ව තිබූ දේ වෙන්දේසි කිරීමට තරම් ඊබේ වෙබ් අඩවිය පහතට වැටුණේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කරයි.

පවුම් 5000 සිට 15, 000 දක්වා ඉහළ මිල ගණන් වලට මිල කර තිබී ඇති මෙම භාණ්ඩ හා ඇදුම් පැළදුම් වෙන්දේසියේ මිලදී ගැනීමට සැළකිය යුතු ගැනුම්කරුවන් පිරිසක්ද සිට ඇතැයි සදහන්ය.

උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් වෙබ් අඩවියේ පරිශීලකයින්ගෙන් හා සමස්ථ ලෝක ප්‍රජාවෙන් සමාව ඉල්ලීමට කටයුතු කර ඇති ඊබේ වෙබ් අඩවියේ නියාමකයින් මෙවන් ආන්දෝලනාත්මක බඩුබාහිරාදිය වෙබ් අඩවියේ පවතින්නේ නම් ඒවා සොයා බලා ඉවත් කිරීමට කටයුතු කරගෙන යන බව සදහන් කර තිබේ.

මෙම බඩු බාහිරාදිය විකිණීමට ඇතැයි යැයි ඊබේ වෙබ් අඩවියට දැන්වීම එක්කළ පුද්ගලයාවද සොයාගැනීමට හැකිව ඇත.අනාවරණයව ඇති පරිදි ඔහු එසේ එක්කළ සමහර දෑ වදකාගාර වල සිටි ඔහුගේම නෑදෑයින්ට අයත්ව තිබූ ඒවාය. මේවා විකුණා දැමීමේ කිසිදු වරදක් තමන් දකින්නේ නැතැයි පවසා ඇති හෙතෙම තමන් මේවා විකුණා දැමූයේ පොත් ලිවීම වෘත්තීය කර ගෙන සිටින තමාට අවශ්‍ය මුදල් උපයා ගැනීමට බව කියා ඇත.තවද තමන් සතුව තිඛෙන ඇතැම් ආයිත්තම් ඒවායේ සැබෑ හිමිකරුවන්ට භාරදීමට මෙසේ ඒවා වෙන්දේසි කිරීමෙන් තමාට හැකියාව ලැඛෙන්නේ යැයි ඔහු පවසා තිබේ.

වෙන්දේසියෙන් ලැබීමට නියමිතව තිබූ මුදල් සියල්ල සහන සේවා සංවිධාන වලට ලබා දෙන බවට ඊබේ වෙබ් අඩිවිය ප්‍රතිඥා දී ඇත.

 



අදහස් (0)

ඊබේ සමාව ගනී

චමත් [ලංකාව] Monday, 04 November 2013 11:41 AM

මට හිතෙන විදියට, මේ භාණ්ඩ [ ඊබේ,හි ] වෙන්දේසියට දැමු පුද්ගලයා නාසි කදවරු වල වදකාගාර වල මරණයට පත්වූ අයගේ නෑදෑයෙක් විය නොහැකියි .ඒ මොකද එවැනි බඩු බාහිරාදිය දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව නැවත නෑදෑයන් හට බාර දුන්නා කියල නම් මම ඉතිහාස පොත් වල කියවල නැහැ. මොහු අනිවාර්යෙන්ම එම නාසි වදකාගාර වල සේවය කල ජර්මන් නාසි නිලදාරීන්ගේ නෑදෑයෙක් විය හැකියි. ඒ වගේම මේ භාණ්ඩ දැන් වෙන්දේසියෙන් මිලයට ගන්නෙත් තවමත් එවැනි නාසි ගති පැවතුම් ඇති පුද්ගලයන් විය යුතුයි.(නදී)

:       0       0

චමත් Monday, 04 November 2013 07:49 PM

ඒ චමත්ගේ අදහස මේ චමතුත් අනුමත කරනවා. මෙච්චර වටින තමන්ට අයිති දෙයක් විකුන්නන්නේ කවුද? අනික ආයි ගන්න පුළුවන් දෙයක් යැ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site