IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණයට ඇමෙරිකාව සහාය දිය යුතු නෑ

ජනපති මොහොමඞ් මොර්සි ධුරයෙන් නෙරපා දමා බලය අත්පත් කරගත් ඊජිප්තු හමුදාවට සහාය දීම හෝ ආධාර දීම හෝ නොකළ යුතු යැයි ඇමෙරිකා රිපබ්ලිකන් සෙනෙට් මන්තී‍්‍ර ජෝන් මැකේන්, ඔබාමා පරිපාලනයෙන් ඉල්ලීමක් කරයි. 

මැකේන්, මේ බව කියා සිටියේ ඊජිප්තු හමුදාව නව අන්තර්වාර රජයක් පිහිටුවීමට කටයුතු කළ අවස්ථාවේදීය.

‘ඊජිප්තු හමුදාවට අප කිසිසේත්ම සහාය දිය යුතු නැහැ. ඔවුන් කළේ ජනතා ඡුන්දයෙන් පත් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපතිවරයකු බලයෙන් නොරපා දැමීමයි. එය අනුමත කළ යුතු නැහැ’ යැයි සෙනෙට් මන්තී‍්‍ර මැකේන් ප‍්‍රකාශ කර ඇත. ‘ඇමෙරිකා රජයයන් මීට පෙර එම කුමන්ත‍්‍රණවලට සහාය දී තිබෙනවා. මින් ඉදිරියට එය නොකළ යුතුයි. ජනතා ඡුන්දයෙන් තේරී පත් වන රජයයන් පෙරළා දමන හමුදා කුමන්ත‍්‍රණවලට සහාය නොදිය යුතුයි. ඉතිහාසයෙන් අප පාඩම් ඉගෙන ගත යුතුයි.’ යැයි මැකේන් කියා සිටී.

ඊශ‍්‍රායලයට පසු, ඇමෙරිකාවෙන් ආධාර ලබන දෙවැනි අරාබි රට ඊජිප්තුවය. ඇමෙරිකාව ඊජිප්තුවට ලබා දෙන ආධාර මුදල් ප‍්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.3 කි. ඇමෙරිකාවේ රාජ්‍ය ප‍්‍රතිපත්ති අනුව, යම් රටක හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවුවහොත් එම රටට ලබා දෙන ආධාර නැවැත්විය යුතුවේ. ඊජිප්තුවේ සිදුවූ ‘බලය වෙනස්වීම’, ‘හමුදා කුමන්ත‍්‍රණයක්’ යැයි ජනපති ඔබාමා හෝ ඔබාමා පරිපාලනය හඳුන්වා දී නැත.

මේ වනවිට ඇමෙරිකාවෙන් ඊජිප්තුවට දෙන ආධාර තාවකාලිකව නවතා ඇති නමුත් ඔබාමා පරිපාලනය උත්සාහ ගන්නේ එම ආධාර යළි ලබා දීමට ක‍්‍රමයක් සෙවීමට යැයි සෙනෙට් මන්තී‍්‍ර මැකේන් චෝදනා කර සිටී.

මේ වසර සඳහා ඊජිප්තුවට දෙන, ආධාර මුදල් ලබා දී අවසන් අතර යළිත් වරක් ඇමෙරිකාවෙන් ඊජිප්තුවට ආධාර මුදල් ලැබෙන්නේ ලබන වසරේ මැයි මාසයේ යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

 



අදහස් (0)

ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණයට ඇමෙරිකාව සහාය දිය යුතු නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site