IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඇපමත නිදහස්

දුෂණ වංචා සහ මිනීමැරුම් චෝදනා මත සිරභාරයට ගනු ලැබ සිටි ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඊයේ (21) ඇපමත නිදහස ලැබීය.
මුබාරක්ට නිදහස හිමිවුණේ, එල්ල වී තිබුණු දුෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් ඔහු වරදකරුවකු නොවන බව කයිරෝ අධිකරණයක් තීන්දු කිරීමෙන් පසුවය.

ඇපමත නිදහස ලැබුවත් 85 හැවිරිදි මුබාරක් තව දුරටත් නිවාස අඩස්සියේ රඳවා තැබීමට ද අධිකරණය තීන්දු කළේය. ඒ, මුබාරක්ට එරෙහිව මිනීමැරීමේ චෝදනා ද එල්ල වී ඇති නිසාය.

2010 වසරේ දී මුබාරක් ජනපති ධුරයේ සිටිද්දී, ඔහුටත් ඔහුගේ රජයටත් එරෙහිව සාමකාමී අන්දමින් විරෝධතා පැවැත් වූ විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට මුබාරක් අණ දුන්නේය. පොලිසිය සිදුකළ වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවෝ සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

2010 වසරේ සිදුවුණු රාජ්‍ය පෙරැුළියෙන් පසු, වසර 30 ක් තිස්සේ ජනපති ධුරයේ සිටි මුබාරක්ගේ පාලනය ද අවසන් විය. ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු, මුබාරක් රෝගී වූයේය. ඔහුට පිළිකාවක් ඇති බව ද වෛද්‍යවරු පැවැසූහ. ඔහු අධිකරණයට ගෙන එනු ලැබුවේද ගිලන් ඇඳ පිටින්ය.

2010 වසරේ මුබාරක්ට එරෙහිව ජනතා විරෝධය ඉස්මතු වූ අවස්ථාවේදී ඔහු පොලිසිය යෙදවීම නිසා විරෝධතාකරුවෝ දහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මුබාරක්ට මිනීමැරුම් චෝදනා එල්ල වූයේ ඒ අනුවය.

ජනතා විරෝධය මැද ජනපති ධුරයෙන් මුබාරක් ඉවත් වූයේ, හමුදා පාලක මණ්ඩලයක් පිහිටුවා ඊට රටේ බලය පවරා දීමෙන් පසුවය. ජනපති මොහොමඞ් මොර්සිට එරෙහිව හමුදා කුමන්ත‍්‍රණය දියත් කළේ ද එම හමුදා පාලක මණ්ඩලයයි.
 



අදහස් (0)

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඇපමත නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 75 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 617 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 89 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 50 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 122 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3368 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1440 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1625 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site