IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඊජිප්තුවේ සූවස් නගරයේ දරුණු ගැටුම් ඇවිළේ

ඊජිප්තුවේ සිදුවූ හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු, බලයෙන් නෙරපා අත්අඩංගුවට ගනු ලැබූ ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් පිරිසක් සහ ආරක්ෂක අංශ අතර ඊයේ (3) දරුණු ගැටුම් ඇවිළී ගියේය.

ගැටුම් ඇවිළී ගියේ සූවස් නගරයේ ය. මොර්සි ආධාරකරුවන්ට මුස්ලිම් සහෝදරත්වය පක්ෂ කි‍්‍රයාකාරීන්ගේ ද සහාය හිමිවූයේ යැයි ඊජිප්තු ආරක්ෂක අංශ කියා සිටී.

මොර්සි ජනතා ඡුන්දයෙන් බලයට ආවේ, දීර්ඝ කාලයක් තිස්සේ ජනපති ධුරයේ සිටි හොස්නි මුබාරක්ගේ ඉවත්වීමෙන් පසු ඊජිප්තුවේ පැවැත්වුණු ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයෙනි.  

ජනපති ධුරයට පත්වීමෙන් පසු මොර්සි, එරට හමුදා පාලක මණ්ඩලය සමඟ ගැටුණේය. ඔවුන්ගේ බලතල කප්පාදු කිරීමට ද උත්සහ කළේය. මොර්සි තරයේ කියා සිටියේ ඊජිප්තුවට හමුදා බලය අවශ්‍ය නැති බවය.

හමුදා පාලකයන් සහ මොර්සිගේ රජය අතර අර්බුදයක් නිර්මාණය වූයේ එම අවස්ථාවේදීය. එය හමුදා කුමන්ත‍්‍රණය තෙක් දුර දිග ගියේය.



අදහස් (0)

ඊජිප්තුවේ සූවස් නගරයේ දරුණු ගැටුම් ඇවිළේ

පොඩි Friday, 04 October 2013 02:48 PM

මේක හමුදා කුමන්ත්‍රනයක් නොවේ. (නි)

:       0       0

උපාලි Friday, 04 October 2013 06:35 PM

මේ උදාහරණ දැක දැකත් අපේ සමහර අය තාමත් බටහිර රටවල් අපට කරන අත්තනෝමතික ක්‍රියා අනුමත කරන්නේ ඔවුන්ගේ අනවබෝධය සහ මවුබිමට ආදරයක් නැතිකම නිසාය. ශ්‍රී ලංකාවට ආදරය කරන්න. මොනවා හෝ වැරදී තිබෙනවා නම් හදා ගමු. ඡන්දයකදී නරක පාලකයින් වෙනස් කරමු. අපට රටක් තිබේ. බටහිරට ගැති නොවන්න. (නි)

:       0       0

නීල් රණා Friday, 04 October 2013 10:48 AM

මීට අවුරුදු හය හත් දහසකට පෙර සිට ඊජිප්තුවේ නොමියෙන පාරාවෝ අධිරාජ්‍යය ගොඩ නැගුවේ ලංකාවේ රාවණා පරපුරයි. රාජ්‍යත්වයට පත් හෙළ සූර්ය දෙවිවරු නිසා එකල නයිල් ගංගාධාරය එකම සුරපුරක්. දෙවියන්ගේ සේවය පිණිස ද්‍රවිඩයන් බිහිකර ගෙනයි මහා විශ්වකර්ම ව්‍යාපෘති ගොඩනැගුවේ. නමුත් මංකොල්ලකාරී යුරෝපීය ආක්‍රමණිකයන් පැමිණ දෙවියන් පිටුදැකීම නිසා ඉන්පසු ඊජිප්තුවට අත්වුණේ ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. මේක ලංකාවටත් හොඳ පාඩමක්. (නි)

:       0       0

සාපිං Friday, 04 October 2013 12:09 PM

අහවල්ලු ඉන්නෙ කොහෙද එහි කලබල.... ඉන්නෙ කොහෙද එහි කලබල.... මේකටද අහවල්ලු මැම්වෙ මේ ලෝකෙ? (නි)

:       0       0

පෙත්තා Friday, 04 October 2013 08:30 PM

හා...හා...දෙයියෝ තමයි කිව්වේ? කා ගනියව් කියල...(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site