උතුරුදිග ඊජිප්තුවේ සිනායි නුවර බස් රියක් ඉලක්ක කර ගනිමින් ඊයේ (15) සිදුවුණු බෝම්බ පිපිරීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 17 කි.
හමුදා ප‍්‍රකාශක කර්නල් අහ්මඞ් අලේ කියා සිටියේ එය ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්  එල්ල කළ ප‍්‍රහාරයක් කියාය.
පොලිසියේ රථ පෙළක් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරය එල්ල කළත් ප‍්‍රහාරයේ ඉලක්කය වූයේ සේවකයන් පිරිසක් ගමන් කළ එම බස්රිය බවත් හමුදා ප‍්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටී.