IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඊජිප්තුවේ යළි ගැටුම් ඇවිළෙයි

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා, අත්අඩංගුවට ගත් ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ ඊජිප්තු කැරැුලි මර්දන පොලිස් නිලධාරීන් අතර පෙරේදා (6) රාති‍්‍රයේ කයිරෝ අගනුවර තහ්රීර් චතුරස‍්‍රයේදී දරුණු ගැටුම් හටගත්තේය.

එම ගැටුම්වලින් 59 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතර, පොලිස් නිලධාරීන් 14 දෙනෙක් ද වෙති.

තුවාල ලැබූ ගණන 100 කට වැඩි යැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටී. විරෝධතා සංවිධානය කළ 124 දෙනකු හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කර ඇත.

මොර්සි ආධාරකරුවෝ දහසකට වැඩි පිරිසක් පෙරේදා සවස තහ්රීර් චතුරස‍්‍රයට රැස්වූයේ, ජනපති මොර්සි බලයෙන් නෙරපා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම මෙන්ම, මොර්සිට සහාය පළ කරන මුස්ලිම් සහෝදරත්වය දේශපාලන පක්ෂය ඊජිප්තුවේ තහනම් කිරීමට එරට අධිකරණයක් මීට දින කීපයකට පෙර තීන්දු කිරීම යන කරුණු මුල්කර ගනිමිනි.

විරෝධතාකරුවන් ඊයේ (7) ද තහ්රීර් චතුරස‍්‍රයට රැුස්වී විරෝධතා පැවැත්වූහ. එම අවස්ථාවේදී පොලිසිය, කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කරමින් එම පිරිස පලවා හැරීමට කටයුතු කළේය. විරෝධතාකරුවන් කියා සිටියේ කොපමණ පිරිසකට දිවි පුදන්න සිදුවුවත් තම විරෝධතා නවත්වන්නේ නැති බවය.

ඊජිප්තුවේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය විසුරුවා හැරීමටත් එය එරට තහනම් කිරීමටත් කයිරෝ අධිකරණයක් තීන්දු කළේ ඉකුත් මස 24 වැනිදාය. මේ වනවිට මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෝ ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

එම පිරිස සහ ජනපති මොර්සි නිදහස් කරන ලෙසටත්, මොර්සි යළි ජනපති ධුරයට පත් කරන ලෙසටත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

මොර්සි බලයට ආවේ ඊජිප්තුවේ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපතිවරණයකිනි.

ඊජිප්තු අන්තර්වාර රජය, මුස්ලිම් සහෝදරත්වය පක්ෂය විසුරුවා හැරීමටත් එය ඊජිප්තුවේ තහනම් කළේ, ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකරමින් රට අස්ථාවර කරන බවට චෝදනා එල්ල කරමිනි.

පොලිස් ප‍්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවක රෝහල කරා ගෙන යමින්

 



අදහස් (0)

ඊජිප්තුවේ යළි ගැටුම් ඇවිළෙයි

සුප්රා Tuesday, 08 October 2013 04:14 PM

කෙවින්, ඔබ කියන දේ ලංකාවෙත් තව ටිකක් කල් යනකොට වෙයි. (ස)

:       0       0

මාගරී Tuesday, 08 October 2013 05:14 PM

සුප්රා,ලංකාව ගැන ඔබේ වැටහීම මදි වගෙයි පෙනෙන්නේ.පහුගිය කාලයේ මුළු ලෝකයම කිව්වා නේ යුද්ධය දිනන්න බැහැ කියලා. (නි)

:       0       0

කුමාර් Tuesday, 08 October 2013 01:45 PM

අන්තවාදී මුස්ලිම් සහෝදරත්වය පස්සේ යන අයට මීට වඩා මොන උත්ත්තර ද දෙන්න ඕන. (ස)

:       0       0

කෙවින් Tuesday, 08 October 2013 03:59 PM

ශත වර්ෂ ගණනාවකට පෙර ඊජිප්තුව මුස්ලීම් රටක් නෙවේ . ඊජිප්තුවේ දැන් ඉන්නේ නියම ඊජිප්තු වැසියන් නොවේ.ඒ උගත් ජාතිය ලොවට අහිමි වී ඇත. ඔවුන් මුස්ලිම් වරුන් නොවේ . දැන් ඊජිප්තුවේ ඉන්නේ අන්තවාදී මෝඩ මුස්ලිම් ජනතාවක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site