හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහ කෙරුණු ජනාධිපති හොස්නි මුබාරක්ගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ ආධාරකරුවන් සහ ජනපතිවරයා බලයෙන් නෙරැුපීමට හමුදාවට අනුබල දුන් විපක්ෂ කි‍්‍රයාකාරීන් අතර පෙරේදා (31) ද කයිරෝ නුවර කේන්ද්‍රකොට ගනිමින් දරුණු ගැටුම් සිදුවිය.
මොර්සි ආධාරකරුවන් පලවා හැරීමට යළිත් වරක් හමුදාව යොදවා තිබුණු අතර පොලිසිය කලහකාරීව හැසිරුණු පිරිසට වෙඩි තැබූ බව ද වාර්තා විය.
හමුදා පාලනයටත්, හමුදා පාලකයන් පිහිටුවූ අන්තර්වාර රජයටත්, පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් හඬ නගන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටත් එරෙහිව ඇරැුඹූ සටන අත් නොහරින බව ජනාධිපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය අවධාරණය කර ඇත.
ජනපති මොර්සි හමුදා කුමන්ත‍්‍රණයක් මගින් ඉකුත් 3 වැනිදා නෙරපා දැමුණේ, විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ‘ටැමරොඞ්’ පක්ෂය සහ එරට ප‍්‍රධාන සන්ධාන දේශපාලන පක්ෂය වන ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ මැදිහත් වී පැවැති විරෝධතා හේතුවෙනි.
හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු නව අන්තර්වාර ජනපති ලෙස පත් වූ අඞ්ලි මන්සූර් ඉකුත් 10 වැනිදා නව ව්‍යවස්ථා ආඥාවක් ඉදිරිපත් කළ අතර, එය ප‍්‍රතික්ෂේප කරන බව ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ සහ ‘ටැමරොඞ්’ පක්ෂය එකහෙළා කියා සිටී.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊජිප්තුවේ දිගටම ගැටුම්