හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු ඊජිප්තුවේ ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනපති මොහොමඞ් මොර්සි පෙරේදා (4) කයිරෝ අගනුවර අධිකරණයක් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ, කියා සිටියේ තමන් තවමත් ඊජිප්තුවේ නීත්‍යාණුකූල ජනපතිවරයා බවය.
නඩු විභාගය පැවැත්වුණේ, ජනපති මොර්සි බලයේ සිටිද්දී, විපක්ෂ කි‍්‍රයාකාරීන් පස් දෙනකු වද බන්ධනයට ලක් කර මරා දැමීමට අණ කළේ යැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙනි.
මොර්සි, එම විපක්ෂ කි‍්‍රයාකාරීන් පිරිස මරා දැමීමට අණ දී ඇත්තේ 2012 වසරේ දෙසැම්බර් 5 වැනිදාය. පිරිස වධබන්ධනයට ලක් කර මරා දැමුණේ ද කයිරෝ නුවර ජනපති මන්දිරය ඉදිරිපිටදීය.
තමාට එල්ල වී ඇති චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් මොර්සි පවසා ඇත්තේ, වත්මන් අන්තර්වාර රජයේ පාලකයන්ට සහ හමුදා නායකයන්ට එරෙහිව කටයුතු කිරීමට අධිකරණය පියවර ගත යුතු බවය.
මොර්සි අධිකරණයට යොමු කළ අවස්ථාවේදී ඔහුගේ නිදහස් සහ යුක්තිය පක්ෂයේ ආධාරකරුවන් කයිරෝ නුවර විරෝධතා රැුලි පැවැත් වූහ. විරෝධතාකරුවන් එක හඬින් කියා සිටියේ, මොර්සි වහා නිදහස් කළ යුතුය කියාය.
නඩු විභාගය ආරම්භ වීමත් සමඟ කයිරෝ නුවර ආරක්ෂාව තර කෙරුණි. ඊජිප්තු අන්තර්වාර රජය, ආරක්ෂක අංශ සාමාජිකයන් 25,000 ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා තිබුණි. විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර දරුණු ගැටුම් හට ගැණින.
|
ආරක්‍ෂක රැකවල් මැද මොර්සි අධිකරණය හමුවට... |
|
මොර්සිගේ ආධාරකරුවෝ පොලිස් අත්අඩංගුවට. |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොර්සි, මේ තව ඉස්ලාම් අන්තවාදීයෙක්. (ස)
අම්මෝ මේ රටේ මිනිස්සු අමු පිස්සෝ. මෙයාල එක්ක වැඩ කල නිසා දන්නවා. (ස)
සදාම් හුසෙන් කීවෙත් ඕකම තමා. (ස)
ප්‍රජාතන්ත්‍රවාදය කොතනද මොර්සි එතනයි.මොර්සි කොතනද ප්‍රජාතන්ත්‍රවාදය එතනයි. ඔබට සුබ අනාගතයක්! (නි)
අනේ අපි නොදන්න ප්‍රජාතන්ත්‍රවාදය? මම ඉන්නේ ඊජිප්තුවේ. ඉස්සර මේ රට ගොඩක් ලස්සනට තිබුණා. දැන් ලංකාව වගේ වෙලා (නි)
අනේ මුරුසි දන්න ප්‍රජාතන්ත්‍රවාදය. මමත් ඉන්නේ දැන් ඊජිප්තුවේ. මම ඉන්නකොට හේ රට ගොඩක් ලස්සනට තිබුනා. දැන් අපේ ලංකාව වගේ විනාශ වෙලා.(නදී)
රුවන්, මොකක්ද ලංකාව වාගේ වෙලා කියන්නේ? පැහැදිලි මදි. ආශ්චර්යමත් දෙයක් සිදුවෙලාද? (නි)
සෙනරත් කතාව හරි මමත් එහේ හිටියා (ස)
ඉතින් සෙනරත්ට හෝ දුමිදුට කව්ද ඊජිප්තුවට වැඩට යන්න කිව්වේ? යන්නේ තමුන්ට හරි යමක් හම්බ කර ගන්න මිසක් වෙන මොකටවත් නෙමෙයිනේ. (නි)