බලයෙන් නෙරපා අත්අඩංගුවට ගත් ජනපති මොහොමඞ් මොර්සි යළි ජනපති ධුරයට පත් කරන්නැයි වත්මන් අන්තර්වාර රජයට බල කරමින්, ඔහුගේ ආධාර කරුවන් සහ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය එක් වී, ඊජිප්තුවේ කයිරෝ සහ ඇලෙක්සැන්ඩ‍්‍රා යන නගරවල පසුගිය දින කිහිපයේ පැවැති විරෝධතා මර්දනයට පොලිසිත් හමුදාවත් යෙදවීම නිසා හටගත් ගැටුම් වලින් 700 මියගිය බවත් 1,330 ක් තුවාල ලැබූ බවත් එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මියගිය පිරිස අතර පොලිස් නිලධාරීහු 56 දෙනෙක් ද සිටිති. ඊජිප්තුවේ අගනුවර වන කයිරෝවේත් විශාලතම නගරය වන ඇලෙක්සැන්ඩි‍්‍රයාවේත් ගැටුම් හටගත්තේ විරෝධතා කරුවන්ගේ කඳවුරු ඉවත් කිරීමට අන්තර්වාර රජය පොලිසිය යෙදවීමත් සමඟය.
ඉකුත් සිකුරාදා ගැටුම් උත්සන්න වූ අතර කයිරෝවේ පමණක් මියගිය ගණන 196 ක් යැයි වාර්තා විය. ගැටුම් වාර්තා කිරීමට පැමිණ සිටි විදෙස් මාධ්‍යවේදීහු තිදෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.
මුස්ලිම් සහෝදරත්වය පක්ෂය චෝදනා කර ඇත්තේ පොලිසිය, සිත්පිත් නැතිව අමු අමුවේ මිනීමැරූ බවත් මහා මානව සංහාරයක් සිදු කළ බවත්ය. පොලිස් නිල ඇඳුමින් පැමිණි පිරිස් නිරායුධ සිවිල් වැසියන්ට වෙඩි තබන දසුන් මේ වනවිටත් මාධ්‍යවලට ලැබී ඇත.
ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණය සිදුවුණේ ඉකුත් ජූලි 3 වැනිදාය. බලයෙන් නෙරපා දැමීමෙන් පසු මොර්සි ඇතුළු ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨයෝ රැසක් හමුදා අත්අඩංගුවට ගැනුණි.
අද වන තෙක් ඔවුන් ගැන ආරංචියක් නැත. ඔවුන් රඳවා තැබෙන්නේ කයිරෝවේ හමුදා මූලස්ථානයේ බව පැවැසිණි.
මොර්සි වහා නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ඊජිප්තු අන්තර්වාර රජයෙන් ඉල්ලා සිටින නමුත් එම රජය ඊට කන් දී නැත.
ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණයකට මඟ පෑදුණේ ජනපති මොර්සි හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ නව නීති ජනතාවගේත් එරට විපක්ෂ කණ්ඩායම්වලත් අප‍්‍රසාදයට හේතු වීම නිසාය.
හමුදා ආඥාවක් හරහා මොර්සි බලයෙන් නෙරපා දැමීමෙන් පසු හමුදාපති අල් සීසී කීවේ තමන් දිගටම බලය අල්ලාගෙන සිටීමේ කැමැත්තක් නැති බවත් මාස 6 ක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති බවත්ය.
ශ්‍රේෂ්ඨාධිකරණ ව්‍යවස්ථා අධිකරණ අගවිනිසුරු අබ්ලී මන්සූර් භාරකාර ජනපති ලෙස පත් කෙරුණි.
ඊජිප්තු ජනතාවගේ ඉල්ලීම්වලට කන් නොදීම නිසා හමුදාව, ජාතික වගකීමක් සේ සලකා තම යුතුකම ඉටු කළේ යැයි හමුදාපති ජනරාල් අබ්දෙල් ෆාටා අල් සීසී වැඩි දුරටත් කියා සිටියේය.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊජිප්තුවේ ගැටුම්වලින් මියගිය ගණන 700 ක්
කුමාර් Monday, 19 August 2013 04:16 PM
මුස්ලිම් සහෝදරත්වය යනු ලෝකයේ ඉස්ලාමික ත්‍රස්තවාදී සංවිධාන බිහිකළ අරටු සංවිධානයි. (ස)
උපාලි Monday, 19 August 2013 09:28 AM
අරාබි වසන්තය අරාබි හිම්හානය බවට පෙරලුණ ඉක්මන? කියමනක් තියෙනවා නිදහසේ අගය දැනෙන්නේ නිදහස නැතිවුනාම කියල. හොස්නි මුබාරක් එලවනකොට ඕව කල්පනා වෙන්න නැතුව ඇති. (ස)
දුමින්ද Monday, 19 August 2013 02:51 PM
අනිත් රටවල සිදුවන දේවල් අපිට හොඳ පාඩම්. (ස)