බලයෙන් පහ කෙරුණු ජනාධිපති හොස්නි මුබාරක්ගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ ආධාරකරුවන් සහ ජනපතිවරයා බලයෙන් නෙරැපීමට හමුදාවට මඟ පාදා දුන් විපක්ෂ දේශපාලන කි‍්‍රයාකාරීන් අතර පෙරේදා (27) හටගත් දරුණු ගැටුම්වලින් 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 150 දෙනෙක් තුවාල ලැබූහ.
මොර්සි ආධාරකරුවන් පලවා හැරීමට හමුදාව යෙදවිණි. මුස්ලිම් සහෝදරත්වය පක්ෂය චෝදනා කළේ හමුදා භටයන් පැමිණ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ කි‍්‍රයාකාරීන් සොයමින් ඔවුන්ට වෙඩි තැබූ බවය.


ඊජිප්තුවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වහා නවත්වන්නැයි ඇමෙරිකා රජය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ඉල්ලා ඇත. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ඊජිප්තුවේ නව අන්තර්වාර රජයෙන් ඉල්ලා සිටින්නේ හමුදා අත්අඩංගුවේ පසුවන ජනපති මොර්සි වහා නිදහස් කරන ලෙසටය.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා එම ඉල්ලීම කළේ, මොර්සිගේ ‘මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායකයන් වහාම අත්අඩංගුවට ගන්නැයි ඊජිප්තු අධිකරණයක් වරෙන්තු නිකුත් කිරීමත් සමඟය.


ඊජිප්තු අන්තර්වාර රජය චෝදනා කරන්නේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීමට ජනතාව උසි ගන්වන්නේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායකයන් කියාය.
මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායකයන් ඉකුත් 24 වැනිදා චෝදනා කළේ, ජනපති මොර්සි බලයෙන් නෙරැපීමේ කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ ඇමෙරිකාව බවත් ඒ නිසා කයිරෝවේ ඇමෙරිකන් තානාපති කාර්යාලය වටලා ඊට පහර දීමක් කළ යුතු බවත් ය.
ඇමෙරිකා රජය තරයේ කියා සිටින්නේ, ඊජිප්තුවේ සිදුවුණු ‘බලය වෙනස් වීමට’ තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවය.