IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඊජිප්තුවේ ගැටුම්වල අඩුවක් නෑ

හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහ කෙරුණු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ  ආධාරකරුවන් සහ විපක්ෂ කි‍්‍රයාකාරීන් අතර ඊයේ (4) ද කයිරෝ නුවර දරුණු ගැටුම් හට ගත්තේය. කයිරෝ නුවර යළිත් වරක් උණුසුම් වූයේ, ඊජිප්තු රජයේ හමුදාව සමඟ එක්වී ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට කටයුතු කරන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් චක් හේගල් පැවැසීමත් සමඟය. ඊජිප්තු හමුදාව වසර ගණනක පටන් ඇමෙරිකාවේ සමීපතම හිතවතෙකි. යුද අභ්‍යාසය සැප්තැම්බර් මස මැද භාගයේදී පැවැත් වෙන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර හමුදා පාලනයටත්, හමුදා පාලකයන් පිහිටුවූ අන්තර්වාර රජයටත්, පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් හඬ නගන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටත් එරෙහිව ඇරැඹූ සටන අත් නොහරින බව ජනාධිපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය අවධාරණය කර ඇත.
ජනපති මොර්සි හමුදා කුමන්ත‍්‍රණයක් මගින් ඉකුත් 3 වැනිදා නෙරපා දැමුණේ, විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ‘ටැමරොඞ්’ පක්ෂය සහ එරට ප‍්‍රධාන සන්ධාන දේශපාලන පක්ෂය වන ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ මැදිහත් වී පැවැති විරෝධතා හේතුවෙනි.



අදහස් (0)

ඊජිප්තුවේ ගැටුම්වල අඩුවක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1915 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site