හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහ කෙරුණු ජනාධිපති මොහොමඞ් මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂ ආධාරකරුවන් සහ විපක්ෂ කි‍්‍රයාකාරීන් අතර ඊයේ (4) ද කයිරෝ නුවර දරුණු ගැටුම් හට ගත්තේය. කයිරෝ නුවර යළිත් වරක් උණුසුම් වූයේ, ඊජිප්තු රජයේ හමුදාව සමඟ එක්වී ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට කටයුතු කරන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් චක් හේගල් පැවැසීමත් සමඟය. ඊජිප්තු හමුදාව වසර ගණනක පටන් ඇමෙරිකාවේ සමීපතම හිතවතෙකි. යුද අභ්‍යාසය සැප්තැම්බර් මස මැද භාගයේදී පැවැත් වෙන බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර හමුදා පාලනයටත්, හමුදා පාලකයන් පිහිටුවූ අන්තර්වාර රජයටත්, පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් හඬ නගන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලටත් එරෙහිව ඇරැඹූ සටන අත් නොහරින බව ජනාධිපති මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය අවධාරණය කර ඇත.
ජනපති මොර්සි හමුදා කුමන්ත‍්‍රණයක් මගින් ඉකුත් 3 වැනිදා නෙරපා දැමුණේ, විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ‘ටැමරොඞ්’ පක්ෂය සහ එරට ප‍්‍රධාන සන්ධාන දේශපාලන පක්ෂය වන ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ මැදිහත් වී පැවැති විරෝධතා හේතුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd