ඊජිප්තුවේ ඉස්ලාමීය ජනපති මොහොමඞ් මොර්සිට සිය ධුරයෙන් ඉවත් වන්නැයි බල කර ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඉකුත් සති අන්තයේ ඇරැඹි විරෝධතා ඊයේ (1) උත්සන්න විය.
විරෝධතාකරුවන් මර්දනය කිරීමට කැරැලි මර්දන පොලිසිය යෙදවීමට ජනපති මොර්සි ප‍්‍රමුඛ රජය පියවර ගැනීමත් සමඟ පොලිස් නිලධාරීන් සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් හට ගැනුණි.
ගැටුම් හේතුවෙන් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.
විරෝධතා පැවැත්වෙන්නේ කයිරෝ නුවර තරීර් හෙවත් නිදහස් චතුරස‍්‍රයේය. විරෝධතා සඳහා ලක්ෂ දෙකකට වැඩි පිරිසක් එක්රොක් වී සිටිති. ඔවුන් මෙහෙයවන්නේ ඊජිප්තු විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.
විරෝධතා පැවැත්වෙන්නේ මොර්සි, ඊජිප්තු ජනපති ධුරයට පත් වී වසරක් ගතවෙද්දීය.
ඒ, දීර්ග කාලයක් බලයේ සිටි හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමෙන් පසුවය. මොර්සි හඳුන්වා දුන් නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ නව නීති ජනතාවගේ අප‍්‍රසාදයට හේතුවක් විය. ඔහුට එරෙහි ඉකුත් වසර පුරා ද විටින් විට දැවැන්ත විරෝධතා පැවැත් විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හොද ශිෂ්ටාචාරයක් තිබුන රටක්. දැන් එකිනෙකා මරාගන්නවා (දී)