ඊජිප්තු අන්තර්වාර ජනපති අඞ්ලි මන්සූර් ඉදිරිපත් කළ නව ව්‍යවස්ථා ආඥාව තමන් ප‍්‍රතික්ෂේප කරන බව එරට ප‍්‍රධාන සන්ධාන දේශපාලන පක්ෂය වන ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ ඊයේ (10) ප‍්‍රකාශ කළේය.
හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු අන්තර්වාර ජනපති ලෙස බලයට පත් වූ අඞ්ලි මන්සූර් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ය. ඔහු ඊජිප්තු ජනපති ලෙස දිවුරුම් දුන්නේ ඉකුත් සිව් වැනිදාය.
ඊජිප්තු සමූහාණ්ඩුවේ පවතින පාලනය ආරක්ෂා කිරීමටත්, ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරමින් ජනතාවගේ යහපතට මුල් තැන දෙන බවටත් දිවුරුම් දෙමින් අඞ්ලි මන්සූර් කියා සිටියේය.
ඔහු නව ව්‍යවස්ථා ආඥාව ඉදිරිපත් කළේ පෙරේදා (9) ය. එම අවස්ථාවේ ‘ඊජිප්තු ජාතික ගැලැවීමේ පෙරමුණ’ කියා සිටියේ මන්සූර් එම නව ආඥාව සකස් කර ඇත්තේ තම අනුදැනුමකින් තොරව කියාය.
එම නව ආඥාවේ සඳහන් අන්දමට, ඉදිරි මාස 6 ඇතුළත ජනපතිවරණයක් ද පැවැත්වීමට නියමිතව ඇත.
මොර්සි බලයෙන් නෙරපා දැමීමට විරෝධතා සංවිධානය කළ විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ‘ටැමරොඞ්’ පක්ෂය ද එම ආඥාවට විරෝධය පළ කර ඇත.
ඊජිප්තුවේ හමුදා කුමන්ත‍්‍රණයක් සිදුවුණේ ඉකුත් 3 වැනිදාය. වසරක කාලයක් ජනපති ධුරයේ කටයුතු කළ මොර්සි බලයෙන් නෙරපා දැමුණු අතර ඔහු සහ ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු 300 ක් දෙනා අත්අඩංගුවට ගැණින.
ජනපති මොර්සි රඳවා තැබෙන්නේ කයිරෝ නුවර හමුදා මූලස්ථානයේය. එම හමුදා මූලස්ථානය ඉදිරියේ ඉකුත් 7 වැනිදා සවස මොර්සිගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර දරුණු ගැටුම් හටගත්තේය.
එම අවස්ථාව්දී 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 435 දෙනෙක් තුවාල ලැබූහ. මොර්සිගේ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය චෝදනා කරන්නේ හමුදා සෙබළුන් මොර්සිගේ ආධාකරුවන් සොයමින්, ඔවුන්ට වෙඩි තැබූ බවය.
|
අන්තර්වාර ජනාධිපති මස්සූර් |
|
ජාතික ගැලවීමේ පෙරමුණේ ආධාරකරුවෝ |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd