ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්තාබා කමේනි, සිය පළමු ප්‍රකාශය නිකුත් කරමින් ඇමෙරිකාවට අනතුරු අගවා ඇත. මොජ්තාබා කමේනී පවසා ඇත්තේ කලාපයේ පවතින සියලුම ඇමරිකානු කඳවුරු වහාම වසා දැමීමට පියවර ගන්නා ලෙසය.

කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම ප්‍රකාශයේදී කමේනි සඳහන් කළේ, කලාපයේ පිහිටි ඇමෙරිකානු කඳවුරු වහාම වසා දැමිය යුතු බවත්, එසේ නොකරන්නේ නම් ඒවා අඛණ්ඩව ප්‍රහාරයන්ට ලක්වනු ඇති බවය.

තම දේශපාලන ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් නව නායකයා තවදුරටත් කියා සිටියේ, ඉරානය තම අසල්වැසි රටවල් සමඟ මිත්‍රශීලී සබඳතා පැවැත්වීමට දැඩි කැමැත්තක් දක්වන බවය.

ඉරානයේ ප්‍රහාරයන්ගේ එකම ඉලක්කය ඇමරිකානු හමුදා කඳවුරු පමණක් බවත්, එම ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.