න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානයට කිසිදු බුරුලක් ලබා නොදෙන්නැයි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්හායූ ඇමෙරිකාවෙන් ඉල්ලා සිටී.
ඉරානය ලෝක බලවතුන්ගේ අණට අකීකරු නොවී දිගටම කටයුතු කරන්නේ නම්,

ඔවුන් සමඟ න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වීමෙන් පලක් නොවන බව ද ඊශ‍්‍රායල අගමැති නෙදන්යාහු ඇමෙරිකා ජනපතිවරයාට කියා සිටියේය.

ඊශ‍්‍රායල අගමැතිවරයා ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා අතර පෙරේදා (30) විශේෂ හමුවක් ඇමෙරිකාවේ ධවල මන්දිරයේදී පැවැත්විණි. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට අමතරව, සිරියානු අර්බුදය ගැන ද එම අවස්ථාවේදී සාකච්ඡුා කෙරුණි.

ඇමෙරිකාවේ මැදපෙරදිග මිතුරා වන ඊශ‍්‍රායලය තරයේ කියා සිටින්නේ, ඉරානයේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන ලෝක සාමයට බාධාවක් කියාය. ඊශ‍්‍රායලය අවස්ථා කිහිපයකදී ඉරානයට පහර දීමට ද උත්සහ කළේය. එහෙත් ඇමෙරිකාව ඊට හරස් විය. ඇමෙරිකාව ඉරානයට වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පැනැවූයේ එම අවස්ථාවේදීය.