IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉරානය සමඟ ගැටුම් ඇති කරගන්නේ නෑ: ඔබාමා කියයි

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල් කොට ගනිමින්, ඉරානය සමඟ ගැටුම් ඇති කර නොගන්නා බවත්, එම න්‍යෂ්ටික වැඩසටහන නිසා හටගත් අර්බුදය රාජතාන්ති‍්‍රක මට්ටමින් විසඳා ගැනීමට කටයුතු කරන බවත් ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරය අමතමින් පෙරේදා (24) කියා සිටියේය.

මහා මණ්ඩල සැසිවාරය අමතමින් ඇමෙරිකන් ජනපති ඔබාමා කළ දේශනයට තේමා වූයේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ සිරියානු අර්බුදයයි.

ඉරාන නව ජනපති හසන් රොව්හානී පසුගිය දා තරයේ කියා සිටියේ තම න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් නොවන බවය. ජනපති ඔබාමා, ඉරාන ජනපති හසන් රොව්හානිගේ එම ප‍්‍රකාශය උපුටා දැක්වීමක් ද කළ අතර ඔහු එම අවස්ථාවේදී අවධාරණය කළේ ඉරානය සමඟ යුද ගැටුම් ඇතිකර නොගන්නා බවත් පවතින අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට වෙහෙසන බවත්ය.

මහා මණ්ඩල සැසිය අතරතුරේ ඉරාන ජනාධිපති රොව්හානි සහ ඇමෙරිකා ජනපති ඔබාමා අතරේ හමුවක් පැවැත්වෙනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයෝ විශ්වාස කළහ. කෙසේ නමුත්, ජනපති ඔබාමා හමුවීම ඉරාන ජනපතිවරයා ප‍්‍රතික්ෂේප කළ අතර, ඔබාමා ද ඉරාන ජනපති හමුවීම ප‍්‍රතික්ෂේප කළ බව වාර්තා විය.

ජනපතිවරුන් අතර හමුවක් නොපැවැත්වුණ ද ඉරාන විදේශ ඇමැති මොහොමඞ් ජවාඞ් සරීෆ්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පමණක් නොව බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් සමඟ ද සාකච්ඡා පැවැත්වීය.

ජෝන් කෙරී සහ ඇමැති ජවාඞ් සරීෆ් අතර මෙම සති අන්තයේදී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ‘විවෘත සාකච්ඡාවක්’ පැවැත්වූ පළමු අවස්ථාව ද මෙයයි.

ඉරානය ගැන නම්‍යශීලීව කටයුතු කළත් සිරියානු අර්බුදය සම්බන්ධයෙන් දිගටම දැඩි ස්ථාවරයක හිද කටයුතු කරන බව ජනපති ඔබාමා කියා සිටියේය. සිරියාවේ සිදුවුණු විස වායු ප‍්‍රහාරයට රජය සම්බන්ධ බව ද ජනපති ඔබාමා කියා සිටියේය.

 



අදහස් (0)

ඉරානය සමඟ ගැටුම් ඇති කරගන්නේ නෑ: ඔබාමා කියයි

රනා Thursday, 26 September 2013 11:07 AM

ජයා.. ඇස් ඇරලා බලන්න. මේ පත්තරේ කොතනද තියෙන්නේ අපේ ජනපතිගේ හරවත් කතාව. අපිට ඔබාමට වඩා අපේ කෙනා උතුම්. ඉතින් මොකද මේ කුඩම්මාගේ සැලකිලි. (ස)

:       0       0

ජයා Thursday, 26 September 2013 11:22 AM

රනා, මම කීවේ මෙම ලිපියට අපේ ජනාධිපතිතුමාව සම්බන්ධයක් නැති බව. ඒක අවශ්‍ය තැනකදී පත්තරය දමාවි. අනික අපේ ජනාධිපති ඒ වෙනකොට සමුළුවේදී කතා කරලා තිබුනෙත් නැහැ. ලංකාදීපය කියන්නේ අවශ්‍ය තැනදී නියම වෙලාවට ජනතාව දැනුවත් කරන පුවත් පතක්. (ස)

:       0       0

කුමාර Friday, 27 September 2013 11:36 AM

යහපත් සිහි කල්පනාව තියෙන කිසිම පුද්ගලයකු උන්මත්තකයකු මොන දේ කිව්වත්, කලත්, උන් සමඟ පොර බදින්න යන්නේ නැහැ. නුවණ පාවිච්චි කරලා උන්මත්තකයා මඟ හැර ගෞරවනීය ලෙස ප්‍රශ්නය බේරාගන්නවා. (ස)

:       0       0

මාගරී Thursday, 26 September 2013 05:30 PM

පහුගිය කාලේ වගේ දැන් ඇමෙරිකාවට දගලන්න බැහැ වගේ. (නි)

:       0       0

පුන්චි බණ්ඩා Thursday, 26 September 2013 06:06 PM

බය වුණාද දන්නෙ නැහැ (නි)

:       0       0

දම්මික පෙරේරා Friday, 27 September 2013 12:34 PM

තුන් වන ලෝකයේ සංවර්ධනය වන රටවල් සහ තවමත් සංවර්ධනය නොවූ රටවල් මෙන් නොව ඇමරිකාව බටහිර රටවල් චීනය ඉන්දියාව ඇතුළුව . ඔවුන් බලයට පත්වන්නේ තම රටට වාසිදායක ආර්ථික සහ වෙළඳ වාසි තම රටට ලබා ගැනිමටත් තම ජාතිය ලෝකයේ උසස්ම ජාතිය කිරීමටත්ය . නමුත් අප වැනි රටවල් කරන්නේ එයට විරුද්ධ දේවල්. (ස)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Thursday, 26 September 2013 01:02 PM

මේ ගොල්ලන්ට එක කරන්නත් බැහැ කෙරුවොත් විසුමකුත් නැහැ

:       0       0

කටා මාමා Thursday, 26 September 2013 01:07 PM

කිසිකෙනෙක් ගැන මගේ විශ්වාසයක් නෑ. රටට ආදරෙයිද කියා (අ)

:       0       0

රණා Thursday, 26 September 2013 08:22 AM

අ‍පේ ජනාධිපතිතුමා කතා කළේ නැද්ද? (නි)

:       0       0

චාමි Thursday, 26 September 2013 09:19 AM

කෝ හැබැටම අපේ ජනපති.. පත්තර කාරයන්ට අමතක වෙළද. අමතක්ල කරලද. (අ)

:       0       0

ජයා Thursday, 26 September 2013 09:32 AM

අපේ ජනපතිතුමා මෙතනට ඇති සම්බන්ධය කුමක්ද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site