IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉරානය ලෝක බලවතුන් සමඟ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කරයි

මතභේදයකට ලක් වී ඇති ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එරට නව රජයේ විදේශ ඇමැති මොහොමඞ් ජවාඞ් සරීෆ් සහ ලෝක බලවතුන් අතර ඊයේ (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ඉරාන විදේශ ඇමැතිවරයා ඇමෙරිකා, ප‍්‍රංශ සහ බි‍්‍රතාන්‍ය නියෝජිතයන් හමුවී කියා සිටියේ තම න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් විවෘත සාකච්ඡා පැවැත්වීමට තමා සහ රජය සූදානම් කියාය.

ඉරාන ජනපති රොව්හානී ද මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ප‍්‍රංශ  සහ ඇමෙරිකානු ජනාධිපති හමුවීමට සූදානමින් සිටින බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල උදහසට ලක්වූයේ එම වැඩසටහනට මුවා වී ඉරානය පරමානු බෝම්බ නිපදවන බවට චෝදනා කරමිනි. ඉරානය එම චෝදනා ප‍්‍රතික්ෂේප කරයි.

ඇමෙරිකාව ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත. එම නිසා ඉරානයට ඔවුන්ගේ තෙල් අපනයන කටයුතුවලට ද බාධා එල්ල වී ඇත. ඉරාන ආර්ථිකය ද කඩා වැටීමකට ලක් වී ඇති බව වාර්තා වේ.
 

ඉරාන විදේශ ඇමැති මොහොමඞ් ජවාඞ් සරීෆ් (දකුණේ) බි‍්‍රතාන්‍ය විදේශ ඇමැති විලියම් හේග් හමුවෙමින් ...

 



අදහස් (0)

ඉරානය ලෝක බලවතුන් සමඟ න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කරයි

කුමාර් Wednesday, 25 September 2013 04:20 PM

ඉරානය අලුත් පොතක් කියවගෙන යනවා, න්‍යෂ්ටික බෝම්බය පුපුරවපු දාට ඔක්කොටම තෙරෙයි එයාලා ලෝකෙම ගොනාට ඇන්දුවා කියලා. සාතන් රජකරන ආණ්ඩුවක් තමයි " කුමෙඅනී" පවත්ත්වාගෙන යන්නේ. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 25 September 2013 10:28 AM

ඉරානය අන්තිමේදී හරි පාරකට වැටුන එක ගැන සතුටු විය යුතුයි. (ස)

:       0       0

තබුක් සිල්වා Wednesday, 25 September 2013 01:28 PM

ණයට කිරි පොවලා ඇඞුවට වැඩක් තියෙනවද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site