IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඉරාන ජනපතිවරණය ඇරඹේ

ඉරානයේ ජනපතිවරණයේ පළමු වටය ඊයේ (14) උදෑසන ඉතා සාමකාමී අයුරින් ආරම්භ විය.
ඡුන්ද ප‍්‍රකාශ කිරීම උදෑසන අටට ආරම්භ වූ අතර සවස පහට අවසන් විය. ඉරාන වැසියෝ මිලියන 50.5 ක් ඡුන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි අතර, මිලියන 1.6 කට වැඩි පිරිසක් පළමු වරට මෙවර ඡුන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියහ.
රට පුරා ඡුන්ද මධ්‍යස්ථාන 60,000 ක් කි‍්‍රයාත්මක වූ අතරවිදෙස් රටවල සිටින ඉරාන වැසියන් වෙනුවෙන් ඡුන්ද මධ්‍යස්ථාන 285 ක් කි‍්‍රයාත්මක වූ බව ද වාර්තා වේ.
මැතිවරණය ආරම්භ වෙද්දී, එරට උත්තරීතර නායක අයතුල්ලා කොමේනී, සිය ඡුන්දය ප‍්‍රකාශ කළේය.
ඉරාන විප්ලවයෙන් පසු, ඉරානයේ පවතින්නේ ඉස්ලාම් දහම පාදක කොට ගත් දේශපාලන ක‍්‍රමවේදයකි. උත්තරීතර ආධ්‍යාත්මික නායක අයතුල්ලා කොමේනී සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලය, ජනපති ධුරය ඉක්මවා ගිය සුපිරි බලතල හිමි වී ඇත.
ජනපති ධුරය සඳහා තරඟ වැදීමට නම්, අපේක්ෂකයන්ට එම උත්තරීතර පාලක මණ්ඩලයේ ද අනුමැතිය හිමි විය යුතුය.
ඉරානයේ දේශපාලනය මෙන්ම මැතිවරණ ද ප‍්‍රධාන වශයෙන් පවතින්නේ ප‍්‍රතිසංස්කරණවාදීන් හා දැඩි මතධාරීන් අතර සටනක් ලෙසය.



අදහස් (0)

ඉරාන ජනපතිවරණය ඇරඹේ

ලාල් Sunday, 16 June 2013 10:19 AM

ඊ ලඟට මෙයාලත් මරා ගන්න ඕනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1099 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1122 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site