IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඉරාන ජනපති හමුවෙන්න බැරැක් ඔබාමා සූදානම් නෑ

ලබන සතියේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, ඉරානයේ නව ජනාධිපති හසන් රොව්හානී හමුවීමට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ කිසිදු අදහසක් නැතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කර තිබේ.

බොහෝ දේශපාලන විචාරකයන් අනුමාන කළේ, මහා මණ්ඩල සැසිවාරය අතරතුරේ ඉරාන ජනපති සහ ඔබාමා අතර හමුවක් පැවැත්වෙනු ඇති බවත්, දෙරට අතර පවතින අර්බුදයන් එහිදී සාකච්ඡුාවට ලක් වනු ඇති බවත්ය.

ඉරාන ජනපති ධුරයට පත්වීමෙන් පසු, රොව්හානී ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන පළමු අවස්ථාව වනු ඇත්තේ ද මෙයයි.

ඉරානය සහ ඇමෙරිකාව අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව කියා සිටින්නේ ඉරානයේ එම න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් කියාය. එම නිසාම ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක රැසක් පනවා ඇත.
මධ්‍යස්ථමතධාරියකු වන රොව්හානී, ජනපති ධුරයට පත් වූ අවස්ථාවේදී කියා සිටියේ ඇමෙරිකාව සමඟ රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් සාකච්ඡා පැවැත්වීමට පියවර ගන්නා බවය.
 



අදහස් (0)

ඉරාන ජනපති හමුවෙන්න බැරැක් ඔබාමා සූදානම් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site