ලබන සතියේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවරදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, ඉරානයේ නව ජනාධිපති හසන් රොව්හානී හමුවීමට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ කිසිදු අදහසක් නැතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කර තිබේ.
බොහෝ දේශපාලන විචාරකයන් අනුමාන කළේ, මහා මණ්ඩල සැසිවාරය අතරතුරේ ඉරාන ජනපති සහ ඔබාමා අතර හමුවක් පැවැත්වෙනු ඇති බවත්, දෙරට අතර පවතින අර්බුදයන් එහිදී සාකච්ඡුාවට ලක් වනු ඇති බවත්ය.
ඉරාන ජනපති ධුරයට පත්වීමෙන් පසු, රොව්හානී ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වන පළමු අවස්ථාව වනු ඇත්තේ ද මෙයයි.
ඉරානය සහ ඇමෙරිකාව අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඇමෙරිකාව කියා සිටින්නේ ඉරානයේ එම න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් කියාය. එම නිසාම ඇමෙරිකාව ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක රැසක් පනවා ඇත.
මධ්‍යස්ථමතධාරියකු වන රොව්හානී, ජනපති ධුරයට පත් වූ අවස්ථාවේදී කියා සිටියේ ඇමෙරිකාව සමඟ රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් සාකච්ඡා පැවැත්වීමට පියවර ගන්නා බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd