IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ පිපිරේ

දකුණු ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් පුපුරා ගිය බෝම්බ ප‍්‍රහාර මාලාවකින් 47 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 කට වැඩිය.
බෝම්බ පුපුරා යෑම ආරම්භ වූයේ පෙරේදා (14) සවස් වරුවේ සිටය. ඊයේ (15) දිනය වෙද්දී පුපුරා ගිය බෝම්බ ප‍්‍රමාණය 15 කි. ඇතැම් බෝම්බ අධි බලැති කාර් බෝම්බ වූ බව ඉරාක ආරක්ෂක අංශ පවසා ඇත.
බෝම්බ පුපුරා ගියේ කුට් නමැති නගරය සහ ඒ ආශි‍්‍රත ප‍්‍රදේශවලය. ප‍්‍රහාර එල්ල කරන්න ඇත්තේ සුන්නි මුස්ලිම් අන්තවාදී සටන්කාමීන් යැයි ඉරාක ආරක්ෂක අංශ අනුමාන කරයි.
ඉකුත් ජූලි පළමු වැනිදා සිට මේ වනවිට ඉරාකයේ සිදුවුණු එම බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයෝ 380 කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.
ඉරාකයේ ෂියා සහ සුන්නි මුස්ලිම් අතර ගැටුම් උත්සන්න වූයේ ඇමෙරිකා හමුදා එරටින් පිටවී යෑමෙන් පසු රට නොසන්සුන් වීමත් සමඟය.
ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැවැත්වීමට ඉරාක රජයට හැකියාවක් ලැබී නැත. ජගත් දේශපාලන විශ්ලේෂකයන්  චෝදනා කරන්නේ, ඇමෙරිකාව ඉරාක සංග‍්‍රාමය අවසන් කර පිටවී ගියේ රට අස්ථාවර කරමින් කියාය.



අදහස් (0)

ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන බෝම්බ පිපිරේ

සඳරුවන් Tuesday, 16 July 2013 08:14 PM

බුද්දීමතුනි,නොපෙනෙන දෙවියන්ට වඩා පෙනෙන උත්සාහය වීර්ය පිලිබඳ විස්වාස කරන්න කිමද නොපෙනන බලවේග වලට කල නොහැකි බොහෝ දෑ උත්සාහයෙන් වීර්යයෙන් කල හැක.අන්තවාදීන් දන්නේ අනුන්ගේ මස් කකා ජීවත් වීමට පමණයි. (අ)

:       0       0

ජෝර්ජ් Tuesday, 16 July 2013 03:50 PM

ඔය ලෝකෙම එකම ජාතියක් කියාගෙන උඩ පනින ලංකාවේ ඉන්න මුස්ලිම් අයගෙන් මම නොදන්නා නිසා අහන්නේ දෙවියෝ කියලා තියෙනවද තමන්ගේ මතය පිලි නොගන්න අහිංසක මිනිස්ස්සු මරලා දාන්න කියලා? තවත් එකක් දෙවියෝ උගන්නලා තියෙනවද අනික් ආගම් අදහන අය ,මරන්න කියලා? අරාබි රටවල නම් අනික් ආගම් වල පින්තුර වුනත් තියා ගතහොත් දඬුවම්? මොකද දෙවියෝ අනික් ආගම් වලට බයද? (දී)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 16 July 2013 04:43 PM

කෙනෙක් ගැහුවොත් අපිට සමව දෙන්නත් පුළුවන් නැත්නම් එකට පිළිතුරු දෙන්නත් පුළුවන්?අනිත් කට්ටිය වගේ ප්‍රේමය කියලා පස්සෙන් ගහන එක නොවෙයි. අනික කොහෙද තියෙන්න අන්‍ය ආගමිකයන් මරන්න කියලා ? .දෙවියන් එක්කෙනෙකි ඒ අල්ලාහ් පමණය.ජෝර්ජ් කව්ද?කිව්වේ පින්තුර තියන් වදින්න පුළුවන් කියලා?කව්ද ඔයාට ඕව උගන්නන ගුරා. (අ)

:       0       0

ලහිරු Tuesday, 16 July 2013 10:14 AM

ලංකාවේ ඉන්නේ මොන කට්ටියද? (දී)

:       0       0

සදුන් Tuesday, 16 July 2013 05:10 PM

ඉක්මනින් ලෝක සාමය ඇති වේවා (දී)

:       0       0

සේනක Tuesday, 16 July 2013 05:30 PM

මම නම් මේ පුවතට අදහස් දාන්නේ නැහැ මොකද මම බයයි (දී)

:       0       0

උදයන්ග Tuesday, 16 July 2013 05:39 PM

යුද්දය මොකටද සහෝදරා ....මේ යුද්දය කාගේද සහෝදරා (දී)

:       0       0

පුලස්ති Tuesday, 16 July 2013 06:11 PM

කරුම මේවා (දී)

:       0       0

පාලිත Tuesday, 16 July 2013 06:12 PM

බෝම්බ ගැන නම් කතා කරන්න එපා (දී)

:       0       0

දුම්ති Tuesday, 16 July 2013 06:32 PM

සුන්නි වුනත් ෂරියා වුනත් ඔක්කොම මුස්ලිම්. ඇයි මේ මිනිසුන්ට නොතේරෙන්න හැම මිනිහම එකයි කියලා (නි)

:       0       0

ලාල් Tuesday, 16 July 2013 07:40 PM

හොඳ පුවතක් (නි)

:       0       0

සඳරුවන් Tuesday, 16 July 2013 07:56 PM

මෙන්න ශාක්ෂි. අන්තවාදීන් හිතන්නේ සෙනග වැඩි කරගත්තම දිනුම් කියලා. නමුත් ඔවුන් සත්තු වගේ බෝ වෙනවා සත්තු වගේ මැරිලා යනවා.එතන තියෙන්නේ අන්ත දුකක්මයි.මල්ලියා මල්ලියාමයි (නි)

:       0       0

ජනා Tuesday, 16 July 2013 03:29 PM

මුස්ලිම් වර්ගය කුමක් වුවත් පදනම ලේ වැගිරීම. ඒ දෙය දැන් ලොවටම ඔප්පු වෙනවා..ඔහොම යන්. (දී)

:       0       0

සඳරුවන් Tuesday, 16 July 2013 08:05 PM

දෙයියෝ සියල්ල මැව්වනම් දෙයියන්ට විරුද්ද මාව මැව්වේ ඇයි?හිස්බුල්ලා කියන්නේ දෙයියන්ගේ පක්ෂයලු?මිනිස්සු මරන්ඩ බලපත්‍ර දීපු ඔය දෙයියන්ගේ තාත්ත කව්ද?හිස්බුල්ලා නෙමෙයි මම රෙඩ් බුල් බීල ඉන්නේ අන්තවාදියනි,එන්ඩ කියාපියව් ඔය කියන දෙයියන්ට මාත් එක්ක හැප්පෙන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1887 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1515 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site