ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සහ ඒ අවට පළාත් කිහිපයක ඊයේ (4) උදෑසන බෝම්බ 11 ක් පුපුරා ගියේය. ඉතා සැලැසුම් සහගතව සිදු කළ එම බෝම්බ ප‍්‍රහාරවලට 70 දෙනෙක් බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 100 කට ආසන්නය.

ඉරාක ආරක්ෂක අංශ කියා සිටියේ, පැය දෙකක් තුළ බෝම්බ පුපුරා ගිය බවය. බෝම්බ පුපුරා ගියේ ෂියා මුස්ලිම්වරුන් ජීවත් වන පළාත්වලය.
බෝම්බ ප‍්‍රහාර එල්ල කරන්න ඇත්තේ සුන්නි මුස්ලිම් සටන්කාමීන් යැයි එරට ආරක්ෂක අංශ කියා සිටී.