ඉරාකයේ ෂියා මුස්ලිම් වෙළෙඳ පොළක ඊයේ (28) අධි බලැති බෝම්බ 4 ක් පුපුරා යෑමෙන් 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූවන්ගේ ගණන සියයකට වැඩිය.
එය සුන්නි මුස්ලිම් සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයක් යැයි ඉරාක ආරක්ෂක අංශ පවසයි. අල් කයිඩා සටන්කාමීන් සමඟ සම්බන්ධකම් පවත්වන්නේ එම සටන්කාමීන්ය.
තුවාලකරුවන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගත් බව ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.
ඇමෙරිකා හමුදා ඉරාක සංග‍්‍රමය අවසන් කර පිට වී ගියත්, එරට ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල අඩුවක් දකින්න නොලැබෙන බවටත්, ෂියා සහ සුන්නි මුස්ලිම් ආගමික ගැටුම් දිනෙන් දින උත්සන්න වන හෙයින් එරට සිවිල් යුද්ධයක් හටගනු ඇති බවටත් දේශපාලන විචාරකයෝ බිය පළ කරති.
ඉකුත් 21 වැනි දා ද ඉරාකයේ සිදුවුණු ගැටුම්වලින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මේ මාසයේ පමණක් සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් මියගිය ගණන 387 ක් යැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd