IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉබ්බෙක් දුම් බොයි

දිනකට දුම්වැටි 10 කට අධික ප‍්‍රමාණයක් පානය කරන ‘‘ඉබ්බේක්‘‘චීනයේ  චැන්ග්චුන්ග් ප‍්‍රදේශයේ සිටී.

ඉබ්බාගේ හිමිකරු හා වෘත්තියෙන් කෝකියෙකු වන ටෑන්ග් සිය සුරතලාට දුම්වැටි පානයෙන් තොර ලොවක් නැති බව පවසයි.හදිසියේවත් දුම්වැටියක් සපයා දීම තමන් අතින් අතපසු වුවහොත් සිය සුරතලා ‘සුස්මමින්’ කළහාකාරී ලෙස හැසිරෙන බවද ඔහු කියයි.

ඉබ්බා දුම්බීමට ඇබ්බැහි වී ඇත්තේද ටෑන්ග්ගෙන් ගුරුහරුකම් අනුවය.දිනක් මුවෙහි සිරවී තිබූ මස් කට්ටක් ඉවත් කිරීමට නොදී මුව වසාගෙන සිටි තම සුරතලාට ටෑන්ග් තමන් අතවූ තිබූ දුම්වැටිය දී ඇත්තේ ඉබ්බා එය සපන අතර මුවෙහි සිරවී තිබූ මස් කට්ට ඉවත් කිරීමේ අරමුණෙනි.

ටෑන්ගේ උපක‍්‍රමය සාර්ථක වුවද එහි අතුරුපලය ඇති බව පෙනෙන්ට ඇත්තේ එදින පටන් සෑම දිනකම දුම්වැටියක් ඉල්ලා මේ ඉබි සුරතලා ටෑන්ග්ට කරදර කරන්ට පටන් ගැනීම නිසාවෙනි.

මුලදී තමන් සමග දුම්බොන සිය සුරතලා දුටු විට ඇතිවූයේ සතුටක් වුවත් දැන් නම් තම සුරතලා දුම්වැටි ඉල්ලා කරන කරදරය ඉවසිය නොහැකි තැනට පත්ව ඇතැයි ටෑන්ග් කියයි.කවුරුන් හෝ තම සුරතලාගේ මේ පුරුද්ද අත්හැර දැමිීමට උපකාර කරන්නේ නම් මැනවයි ඔහු පවසයි.

 



අදහස් (0)

ඉබ්බෙක් දුම් බොයි

බණ්ඩාර Thursday, 25 July 2013 07:00 PM

සිතන්ට අපහසුයි. මිනිසෙකුට තරම් සත්වයෙකුට සිතීමේ හැකියාවක් නොමැති නිසාත් ,මිනිසා තරම් සත්වයා සිතට වහලෙක් නොවන නිසාත්... (නි)

:       0       0

දර්ශන් Wednesday, 24 July 2013 10:21 PM

මෙම පුද්ගලයාට එරෙහිව ජාත්‍යන්තර ස්ව සංවිදාන නඩු පවරා නැත්තේ මන්ද? (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 24 July 2013 10:23 PM

කරන්න තියෙන එකම දේ පුරුදු කළ කෙනත්,ඉබ්බත් දෙදෙනාම ගඟකට හෝ මුහුදට පනින එකයි.ඉබ්බා පීනලා යයි.පුරුදුකළ කෙනාට පීනන්න බැරි නම්... (නි)

:       0       0

ආනන්ද ආර් Wednesday, 24 July 2013 10:25 PM

ඉබ්බෙකුට අවුරුදු පන්සීයක් ආයුෂ තිබෙනවා කියලා අහලා තියෙනවා. මෙයාගේ ආයුෂ අවුරුදු සීයකින් ඉවර වේවි. (නි)

:       0       0

මනෝහරන් Thursday, 25 July 2013 01:51 AM

පොඩි වැඩක්නේ කරන්න තියෙන්නේ. මස් කට්ටක් දීලා සිගරට් එක අහකට ගන්න (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site