IMG-LOGO

ඉන්දියාවෙන් වඳුරු උණ මරණයක්?

‘වඳුරු උණ’ (මංකිපොක්ස්) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ.

තරුණයාගේ මරණය සම්බන්ධයෙන් කේරළ සෞඛ්‍ය බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, තරුණයා ‘වඳුරු උණ’ (මංකිපොක්ස්) ආසාදිතයකු බව තහවුරු වුවහොත්, ඉන්දියාවෙන් වාර්තා වන පළමු ‘වඳුරු උණ’ මරණය මෙය වනු ඇත.

තරුණයාගේ මරණය සැලවුණු සැණින්, කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිනී වීනා ජෝර්ජ් මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශණයක් වහා සිදු කරන්නැයි උපදෙස් දුන්නාය. ඒ අනුව, මියගිය තරුණයාගේ පටක සාම්පල පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.

මෙම තරුණයා විදේශගතව සිට කේරළයට පැමිණි අයකු වන අතර, ඔහුට ‘වඳුරු උණ’ ආසාදනය වූයේ නම් එය සිදුවන්න ඇත්තේ විදේශගතව සිට පැමිණෙන අතරතුරේ බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.

ඉන්දියාවෙන් මේ දක්වා ‘වඳුරු උණ’ ආසාදිතයන් සිවු දෙනකු හමුවී ඇති අතර පළමු වඳුරු උණ ආසාදිතයා පූර්ණ සුවය ලබා සිටින බව ද පැවැසෙයි.

‘වඳුරු උණ කියන්නේ මාරන වයිරසයක් නොවෙයි. එය මාරක වන්නේ ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ටයි. එසේ වන්නේ වයිරසය හේතුවෙන් හටගන්නා සංකූලතා නිසයි.’ යැයි ද සෞඛ්‍ය ඇමැතිනිය මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

‘වඳුරු උණ’ හෙවත් ‘වඳුරු පැපොල’ අප්‍රිකාවට පමණක් සීමා වූ ඉතා වේගයෙන් බෝ වන වයිරසයකි. මෙය පැපොල සහ වසූරිය අතරමැද තත්ත්වයක් වන අතර වසූරිය සඳහා නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් ‘වඳුරු උණ’ අඩපණ කළ හැකිය.

‘වඳුරු උණ’ වයිරසය ගෝලීය හදිසි තත්ත්වයක් ඇති කරමින් මේ වනවිට රටවල් 78 කට ව්‍යාප්ත වී ඇති අතර ආසාදිතයන් 18,000 කට වැඩියෙන් වාර්තා වී තිබේ. ඇමෙරිකාවේ කැලිෆෝනියා සහ නිව්යෝක් යන නගර ද ‘වඳුරු උණ’ හේතුවෙන් හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත් කර තිබේ.

අප්‍රිකාවෙන් පිට ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙන් ‘වඳුරු උණ’ මරණ ද වාර්තා වෙයි. ඒ, ස්පාඤ්ඤයෙන් මරණ දෙකක් සහ බ්‍රසීලයෙන් එක් මරණයක් ආදී වශයෙනි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ඉන්දියාවෙන් වඳුරු උණ මරණයක්?

sharm warn Monday, 01 August 2022 11:14 AM

අපෙත් ඉන්නවා වඳුරන් 222 ක් දියවන්නාවේ. වැඩේම එහෙටයි, මෙහෙටයි පනින එක.. ඔවුන්ට නම් මොන එන්නතක්වත් හරියන්නේ නැහැ... ඡන්ද එන්නතක් තමයි වැඩකළොත් ඉතින්...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 312 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 796 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site