ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී බස් රියක හටගත් ගින්නට බසයේ ගමන් කරමින් සිටි 49 දෙනාගෙන් 44 දෙනෙක්ම බිලිවූහ.
පණ බේරා ගැනීමට හැකි වූ පස් දෙනා අතර රියැදුරු සහ කොන්දොස්තරවරයා ද සිටී. ඔවුහු ද පිළිස්සුම් තුවාල ලබා සිටිති.
ගින්න හට ගත්තේ, බැංගලෝර් සිට හයිද්‍රාබාද් නුවර බලා ධාවනය වෙමින් තිබුණු බස් රියකය. බස්රිය ගිනි ගත්තේ, එහි වේගය පාලනය කර ගැනීමට රියැදුරුට නොහැකි වී එය මාර්ගය අසල ඇති යකඩ ආරක්ෂිත වැටේ ගැටීමෙනි.
එම ගැටීමෙන්, බස් රියේ ඉන්ධන ටැංකියට හානි සිදුවී ගින්න හටගෙන ඇතැයි පොලිසිය කියයි.
ගින්න හටගත් අවස්ථාවේ, මගීන් බස්රිය තුළ කොටු වූහ. ඔවුන් පණ පිටින් පිළිස්සී මියගිය අතර, රියැදුරු, කොන්දොස්තර සහ මගීන් තිදෙනෙකු එළියට පැනගෙන ඇත්තේ ඉදිරිපස වීදුරුව කඩා දැමීමෙනි.
රියැදුරු සහ කොන්දොස්තරවරයා පැන යෑමට උත්සහ කළ බවත් පොලිස් නිලධාරීන් ඔවුන් අල්ලා ගත් බවත් පසුව වාර්තා විය. අනතුර සිදුවී ඇත්තේ රියැදුරුගේ නොසැලකිල්ල නිසා යැයි පොලිසිය කියා සිටී.
පිළිස්සුම් තුවාල ලැබුවෝ වහාම රෝහල් ගත කෙරුණහ. මියගිය අය හඳුනා ගැනීමට නොහැකි ආකාරයට පිළිස්සී ඇති බව ද පොලිසිය පවසයි. අනතුර ගැන පුළුල් පරීක්ෂණයක් පැවැත් වීමට කටයුතු කරන බව ද පොලිසිය වැඩි දුරටත් කීය.
|
ගින්නට හසුවූ බස්රිය |
|
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනරත් , ලේලන්ඩ් බස් එක්ක නෙමෙයි තරහ තියෙන්නේ. ඒවා හදන රටත් එක්ක (නි)
එක් අයෙකුගේ වරදින් ජීවිත කීයක් පණ පිටින් පිලිස්සිලාද?? අනේ පව්. ජීවිත බොහෝ ගණනක් අරගෙන යන බස්වල රියදුරන්ගේ නොසලකිලිමත් කමින්, අවිනීත කමින් පදිකයන්ගේ විතරක් නෙමෙයි මගීන්ගෙත් ජීවිත අවදානමට වැටෙනවා. (ස)
භක්තිය වැඩිකමද මන්ද ඒක අල්ලාහ් ගේ කැමැත්ත කියල කියන්නේ?අනේ මෙහෙම ජනතාවක්.ඉතින් නිවන් සුව පතල වැඩක් නැ. (ස)
ලංකාවේ හයිවේ වලිනුත් ලේලන්ඩ් බස් ඉවත් කරලා වෙන බස් ටිකක් දැම්මොත් හොඳයි. තාක්ෂණයෙන් අඩු ඉන්දියානු බස් එපා (නි)
අයියෝ පව්.මොන තරම් බියක් සංත්‍රාසයක් හදවත් තුල ඇති වෙන්න ඇත්ද? ලෝකෙ කොයි රියැදුරු මහත්තයත් හිතන්න ඕන වාහනේ ඉන්න ඔක්කොමගෙ ජීවිත තියෙන්නෙ එතුමා අතේ කියලා. (ස)
එහෙනම් රිස්වාන් කියන්නේ මිනිස්සු රකින්න රෝහල්, නීති රීති, ආරක්ෂක සේවා, කිසිවක් ඕන නෑ. වැරදි කරුවන්ට දඬුවම් දෙන්න ඕන නෑ. හැම කෙනාම "වෙලාව" ආවම යන නිසා කියලද? එහෙනම් ඔයාලා ෂාරියා නීතිය පාවිච්චි කරන්නේත් වැරදි කරුවන්ට දඬුවම් කරන්නනේ. "වෙලාවට" සියලු දේ විසඳන්න දෙන්න තිබුණනේ... (ස)
ඉන්දියාවට ගරහනවා.අපේ ජිවිතවලට ඉන්දියානු වාහන කොච්චර බැඳිලද?.මාලු වෙළෙන්දාගේ වාහනේ ඉඳල ලොකු ව්‍යාපාර දක්වා අදත් පාවිච්චි කරන්නේ මේඩ් ඉන් ඉන්ඩියා.ඔය කියන හයිවේ හැදුවෙත් ඒ රටේ වාහන උදව් කරගෙන.අඩු ගානේ ධර්මාශෝක රජ්ජුරුවෝ ලංකාව වර්ජනය කලා නම් අපිත් නයිජීරියාවට නෑකම් කියවී.මේ වගේ මුල අමතක වන ජාතියක්. (ස)
හනේ අපොයි. මිය ගිය සැමට නිවන් සුව ලැබේවා !!! (ස)
ලංකාවේ හයිවේ වලිනුත් ලේලන්ඩ් බස් අයින් කරලා වෙන බස් ටිකක් දැම්මොත් හොඳයි නේද? (නදී)
මෙන්ඩිස්, ලේලන්ඩ් බස් එක්ක තරහක් එහෙම තියෙනවද? (නි)
ඒක අල්ලා දෙවියන්ගේ කැමැත්ත (නදී)
ලංකාවෙත් ලගදී ඔහොම එකක් උනේ. තාක්ෂනේයෙන් අඩු ඉන්දියානු බස් ගන්න එපා .(නදී)
මෙන්ඩිස්, ගින්න හට ගෙන තියෙන්නේ බසයේ වරදින් නොව, රියදුරු නොසැලකිලිමත් ලෙස ධාවනය කල නිසා සිදුවූ අනතුර නිසා. (ස)
අප කාටත් දොස් කියලා පලක් නැහැ. වේලාව තමයි සියලු දේ විසඳන්නේ. මිය ගිය සියලු දෙනා සාමයේ සැපතේවා !! (ස)