හින්දි ගීත ගායනයෙන් ගීත ලෝලීන් අමන්දානන්දයට පත් කළ ඉන්දියාවේ කීර්තිමත් සංගීතඥ මන්නාදේ ඊයේ (24) උදෑසන මෙලොවින් සමුගත්තේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 94 කි.
මිය යන මොහොතේ මන්නාදේ, ස්වසන ආබාධයක් හේතුවෙන් බැංගලෝර් නුවර රෝහලක ප‍්‍රතිකාර ගනිමින් සිටි බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.
1960 දශකයේ ඉන්දියාවේ තිරගත වූ ‘අංගුලිමාල’ චිත‍්‍රපටයේ ‘බුද්ධං සරණං ගච්ඡුාමී’ ගීතය හින්දි බසින් ගායනා කළේ මන්නාදේ සහ මීනා කපූර්ය. ‘අංගුලිමාල’ චිත‍්‍රපටය සිංහල දෙබසින් මෙරට තිරගත කෙරුණේ 1962 වසරේදීය.
සිය සංගීත දිවිය තුළ මන්නාදේ ගීත 3,500 කට වැඩි ප‍්‍රමාණයක් ගායනා කර ඇති අතර සම්මාන රැසකින් ද පිදුම් ලැබුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනමෝහනීය ගායක මන්නාදේ ගායකයාණෙනි .....ඔබට නිවන් සුව අත් වේවා!!! (ස)
ඔබට නිවන් සුව! (නි)
මගේ ශෝකය! (ස)
මෙතුමා ලංකාවට ඇවිත් අපේ "ජයසිරිමා බෝධි,රුවන්වැලි සෑ ආදී ..... "කියන ගීතය සිංහලෙන් ගායනා කළා මට මතකයි. නිවන් සුව පතමි! (නි)
මෙහි දැක්වූ සියලුම ප්‍රතිචාර මමත් ඉතා ඉහළින් අනුමත කරනවා. ඔබට නිවන් සුව (නි)
මේ උතුම් සංගීතඥයාට අපගේ අවංක ආචාරය!!!! (නි)
නිවන් සුව පතමු (නි)
නිවන් සුව අත්වේවා (දිල්)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
එම විට පවසනු මුවින් ඔබේ .... බුද්ධං සරණන් ගච්චාමි....මේ පද වල හින්දි ගීතයේ නියමුවා. .අපි සම විටම ඔබ සිහි කරමු....(අ)
ඔබේ නාමය සදාකාලිකයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ලොවට වැඩක් කල උදාර ජිවිතයක්. (ස)
එතුමාට නිවන් සුව. (නි)
මන්නදේ ගායකයානෙනි . ඔබ ගැයූ ගීත තවමත් මා රස විඳිමි . එතුලින් මගේ සිත මා ළමා කාලයට රැගෙන යයි . ඔබට නිවන්සුව පතමි. (ස)
එතුමානන්ට සුවබර නින්දක්.(නදී)
ඔබට අජරාමර නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව පතමි. .(නදී)
ගායකයානෙණි, ඔබේ හඬ අමරණීයයි.. ඔබ තුමාට නිවන් සුව ! (ස)
මන්නාදේ ගායකයාණෙනි, ඔබට නිවන් සුව අත් වේවා!!!!! (ස)