පාකිස්තානයේත් නැගෙනහිර අප්‍රිකාවේත් වගාබිම් අක්කර ගණනක් විනාශ කළ කාන්තාර පළඟැටියන් මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත පහකට කඩා වැදී ඇත.
පළඟැටි උවදුර පාලනය කිරීම සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් මේ වනවිට ඉන් බලපෑමට පත් ප්‍රාන්තවලට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවත් ඉන්දියාවේ කෘෂිකාර්ම සහ ගොවි සුබසාධන අමාත්‍යාංශය සඳහන් කළේය.
‘‘ගිනිනිවන රථ 89ක් යොදාගෙන තිබෙනවා. එම ගිනි නිවන රථ යොදාගනිමින් පළිබෝධ නාශක ඉහිනවා. ආවේක්ෂණ වාහන 120ක් යොදාගෙන තිබෙනවා. විදින උපකරණ සහිත පාලන රථ 47ක් යොදවා තිබෙනවා. පළිබෝධක නාශක ඉසිය හැකි ට්‍රැක්ටර් රථ 810ක් යොදාගෙන තිබෙනවා. මේ සියල්ලම විවිධ ආකාරවලින් විවිධ දවස්වලදී පළිඟැටියන් මර්දනය කිරීම සඳහා යොදාගන්නවා’’ යැයි එම අමාත්‍යාංශය සඳහන් කළේය.
රාජාස්ථාන්, පංජාබ්, ගුජරාට්, මහාරාෂ්ට්‍ර යන මධ්‍ය ප්‍රදේශ් යන ප්‍රාන්ත පහට අද (28) පස්වරු වනවිට පළඟැටියන් උවදුරට ගොදුරු වී තිබිණි.
ඉන්දියාවෙන් දෛනික වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන්ගේ ගණන ද මේ වනවිට වැඩි වී තිබෙන අතර වැඩිම වයිරස ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තය මේ වනවිට පළඟැටි තර්ජනයට ලක් වී තිබෙන අතර මෙම අර්බුද දෙකම පාලනය කරගැනීමේ දැවැන්ත අභියෝගයකට මේ වනවිට එම ප්‍රාන්තය මුහුණ දී සිටී. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද (28) පස්වරු 6 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 56,900 ඉක්මවා ගොස් තිබිණි.
‘හින්දුස්තාන් ටයිම්ස්’
055

2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉන්දියාවේ ප්‍රාන්ත පහකට පළඟැටියෝ කඩාවදිති
CHANDIMA Thursday, 28 May 2020 03:54 PM
දැන් මීළඟට බුරුතු පිටින් කට්ටිය මැරෙන්නේ කෘමිනාශක විෂ වෙලයි...