2028 දී වැඩිම ජනගහනය සහිත රට වීමට ඉන්දියාව සමත්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

දැන‍‍ට ලොව වැඩිම ජනගහනයට හිමිකම් කියන්නේ චීනයයි.

2028 දී ඉන්දියාවේ හා චීනය යන දෙරටේ ම ජනගහනය කෝටි 144 ක්  වනු ඇති අතර, එතැන් පටන් ඉන්දියා ජනගහනය දිගටම ඉහළ යන බව  කියයි.

චීනයේ ජනගහනය 2030 සිට අඩුවනු ඇති බවත් ජගත් සංවිධානයේ නවතම වාර්තාවක දැක්වේ.

2050 වන විට ලෝක ජනගහනය කෝටි 960 ක්  වන බවත් වත්මන් ලෝක ජනගහනය හා සැසඳීමේදී මෙය කෝට් 240 වැඩිවීමක් බවද එම වාර්තාවේ දැක්වේ.

සෑම දෙවසරකට වරක් වර්ල්ඩ් පොපියුලේෂන් ඇස්පෙක්ට්ස් නමින් ලෝකයේ ජනගහන නැඹුරුතා පිළිබඳව වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළ කරයි.