ඉන්දියාවේ විදුලි පණිවුඩ (ටෙලිග‍්‍රෑම්) සේවාව නවතා දැමීමට එරට රජය සහ තැපැල් දෙපාර්තමේන්තුව පෙරේදා (14) තීරණය කළේය.
ජංගම දුරකතන, කෙටි පණිවුඩ භාවිතය සහ අන්තර්ජාලය හේතුවෙන් තැපැල් විදුලි පණිවුඩ භාවිතය අඩුවී ඇති බවත් එම සේවාව පවත්වා ගෙන යෑමට වැය වන මුදල දැරිය නොහැකි බවත් පවසා තිබේ.
විදුලි පණිවුඩ සේවාව නවතා දමන බව පැවැසීමත් සමඟ, අවසන් විදුලි පණිවුඩය යැවීමට පෙරේදා දිනයේ ඉන්දීය වැසියන් තැපැල් කාර්යාලවලට එක්රොක් වූ බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.