උතුරුදිග ඉන්දියාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ සිදුවුණු ජල ගැලීම්වලින් මියගිය ගණන 5,500 ක් බවත්, 11,600 දෙනකු අතුරුදන්ව ඇති බවත් එරට කි‍්‍රයාත්මක රාජ්‍ය නොවන සංවිධාන පවසයි.
ඉන්දීය රජය පවසන්නේ අතුරුදන් පිරිස 4,000 ක් පමණක් කියාය. ජල ගැලීම් සහ නායයෑම්වලට ලක් වුණු ප‍්‍රදේශවල කොටු වී සිටි පිරිස් බේරා ගැනීම තවමත් සිදුවෙමින් පවතින බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ නායයෑම් සහ ජල ගැලීම් හටගත්තේ මෝසම් වැසි සමය උදාවීමත් සමඟය.