හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය රංගධරයෙකුව සිටි  ප්‍රාන් (93) පසුගිය සිකුරාදා අභාවප්‍රාප්තවූ බව ඉන්දියා මාධ්ය‍ විසින් වාර්තා කරයි. ඔහු සති දෙකක පමණ කාලයක සිට උණ සන්නිපාතය වැළඳී රෝහල් ගත කර සිටියේය.

වසර 60ක් හින්දි සිනමාවේ අමතක නොවන චරිත බොහෝ ගණනක් සඳහා තම රංගන කුසලතාවයෙන් පණපෙවු ප්‍රාන් සිනමා ලෝලයින් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියේ , දුෂ්ට, චරිත නිරුපනයෙහි දක්ෂතා පෙන්වූ සිනමා නළුවෙකු වශයෙනි.

නමුත් ඔහු රඟපෑ 350ක පමණ චිත්‍රපට අතරේ ප්‍රාන් පරස්පර විරෝධී විවිධාකාර තාත්වික ලෙස රඟපෑ අවස්ථා බොහොමයක් ඇත. ඔහු සම්බන්ධවූ සිනමා කෘතී නිර්මාණය කළ කාල වකවානුවේ හින්දි සිනමා තිර නාටක සඳහා පාදක කරගෙන ගත්තේ වීරයා, දුෂ්ටයා සහ කවටයා යන චරිත වටා ගෙතුණු , පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි, කථාවස්තු මෙවැනි චිත්‍රපට වලදී තමන්ට ලැබුණු , දුෂ්ටයා, ගේ චරිතය තම රංගන කුසලතාවය යොදා ගනිමින් ඉතාමත් ඉහළින් ඉදිරිපත් කිරීමෙන් රසිකයන් අතර ඉමහත් ජනප්‍රියතාවයක් දිනාගැනීමට ප්‍රාන් සමත්විය. පසුකලෙක ඔහු රඟපෑ බොහෝ චිත්‍රපට සඳහා ප්‍රධාන චරිතය රඟපෑ අතිශය ජනප්‍රිය දිලිප් කුමාර්ල කපුර් සොහොයුරන්ල අමිතාබ් බච්චන් සහ රාජේශ් ඛන්නා වැනි නළුවන්ට වඩා වැඩි මුදලක් ඉලුම්කිරීමටත් ලබාගැනීමටත් ප්‍රාන් සමත්විය.
ඔහුගේ අභාවය දැනගත් පසු තමන් අතිශය කම්පාවට පත්වූ බව ඉන්දියා අගමැති මන්මෝහන් සිං මාධ්‍යයට ප්‍රකාශකර ඇත. හින්දි සිනමාවේ සිටි පතාකයකු නැතිවීම ගැන ඉතාම කනගාටුවන බවද ඔහු කියා ඇත. වර්තමාන ඉන්දියා සිනමා කර්මාන්තයට සම්බන්ධ බොහෝදෙනා ප්‍රාන් ගේ අභාවය පිළිබඳව තම කනගාටුව පළකර ඇත.