IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දියා සිනමාවේ දුෂ්ටයා මිය යයි

හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය රංගධරයෙකුව සිටි  ප්‍රාන් (93) පසුගිය සිකුරාදා අභාවප්‍රාප්තවූ බව ඉන්දියා මාධ්ය‍ විසින් වාර්තා කරයි. ඔහු සති දෙකක පමණ කාලයක සිට උණ සන්නිපාතය වැළඳී රෝහල් ගත කර සිටියේය.

වසර 60ක් හින්දි සිනමාවේ අමතක නොවන චරිත බොහෝ ගණනක් සඳහා තම රංගන කුසලතාවයෙන් පණපෙවු ප්‍රාන් සිනමා ලෝලයින් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියේ , දුෂ්ට, චරිත නිරුපනයෙහි දක්ෂතා පෙන්වූ සිනමා නළුවෙකු වශයෙනි.

නමුත් ඔහු රඟපෑ 350ක පමණ චිත්‍රපට අතරේ ප්‍රාන් පරස්පර විරෝධී විවිධාකාර තාත්වික ලෙස රඟපෑ අවස්ථා බොහොමයක් ඇත. ඔහු සම්බන්ධවූ සිනමා කෘතී නිර්මාණය කළ කාල වකවානුවේ හින්දි සිනමා තිර නාටක සඳහා පාදක කරගෙන ගත්තේ වීරයා, දුෂ්ටයා සහ කවටයා යන චරිත වටා ගෙතුණු , පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි, කථාවස්තු මෙවැනි චිත්‍රපට වලදී තමන්ට ලැබුණු , දුෂ්ටයා, ගේ චරිතය තම රංගන කුසලතාවය යොදා ගනිමින් ඉතාමත් ඉහළින් ඉදිරිපත් කිරීමෙන් රසිකයන් අතර ඉමහත් ජනප්‍රියතාවයක් දිනාගැනීමට ප්‍රාන් සමත්විය. පසුකලෙක ඔහු රඟපෑ බොහෝ චිත්‍රපට සඳහා ප්‍රධාන චරිතය රඟපෑ අතිශය ජනප්‍රිය දිලිප් කුමාර්ල කපුර් සොහොයුරන්ල අමිතාබ් බච්චන් සහ රාජේශ් ඛන්නා වැනි නළුවන්ට වඩා වැඩි මුදලක් ඉලුම්කිරීමටත් ලබාගැනීමටත් ප්‍රාන් සමත්විය.
ඔහුගේ අභාවය දැනගත් පසු තමන් අතිශය කම්පාවට පත්වූ බව ඉන්දියා අගමැති මන්මෝහන් සිං මාධ්‍යයට ප්‍රකාශකර ඇත. හින්දි සිනමාවේ සිටි පතාකයකු නැතිවීම ගැන ඉතාම කනගාටුවන බවද ඔහු කියා ඇත. වර්තමාන ඉන්දියා සිනමා කර්මාන්තයට සම්බන්ධ බොහෝදෙනා ප්‍රාන් ගේ අභාවය පිළිබඳව තම කනගාටුව පළකර ඇත.

 



අදහස් (0)

ඉන්දියා සිනමාවේ දුෂ්ටයා මිය යයි

සිසිර Monday, 15 July 2013 12:30 AM

ඔබට නිවන් සැප ලැබේවා.(නදී)

:       0       0

උපාලි Monday, 15 July 2013 02:30 AM

හින්දි සිනමාවේ අමරණීය චරිතයන්ට පණ පෙවූ, මා ඉතා ඉහලින් ආදරය කළ මේ විශිෂ්ඨ රංගන ශිල්පියාට මගේ උත්තමාචාරය පුද කරමි. (නි)

:       0       0

කැනඩා දිසා Monday, 15 July 2013 06:29 AM

මම සුද්ද සිංහලෙන් කියන්නම් , රසික මුත්‍රා කොලුවෝ , ඔය කොහොමද ප්‍රාණව දන්නේ ,ඒ කාලේ ඔයා ඉපදෙන්න හිතලවත් නැහැනේ.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 15 July 2013 06:38 AM

මගේ ආචාරය! (නි)

:       0       0

ටෙනිසන් Monday, 15 July 2013 06:54 AM

රසික කියන්නේ කිසිම රසිකත්වයක් නැති පල් මෝඩයෙක්. කැනඩා දිසා කිව්ව වගේ මෙයා ප්‍රං කියන නම ඇහුව්වෙත් අද වෙන්න ඇති. අදහස් පල කරන්න කලින් කාගෙන් හරි අහලා දැනුවත් වෙන්නේ නැති එකේ ප්‍රතිපල. නිකන් අන්තර් ජලයට රින්ගුව නම් ඇති.(නදී)

:       0       0

මංජු Monday, 15 July 2013 07:55 AM

නාමය අමරණීයයි ඉන්දියාවේ දුෂ්ටයෙකු ලෙස සිනමාවේ.(නදී)

:       0       0

ප්‍රදීප් Monday, 15 July 2013 08:50 AM

රසික, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා (නි)

:       0       0

රසික Sunday, 14 July 2013 10:06 PM

ඉතින් අපිට පාන්ද? ඉන්දියාවේ මෝඩ සිනමාව ඉන්දියාවේ ඉන්න මෝඩයන්ද ආතල්. මේහෙම නෙව්ස් එක දානකන් ලංකාවේ ඔක්කොම හරි ආසාවෙන් ඉන්නේ. දිගටම මේහෙම නිව්ස් ගොඩක් දාන්ඩ. ආසාවේ බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 5 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site