මධ්‍යම ඉන්දියාවේ චතිස්ගා ප‍්‍රාන්තයේ ඉකුත් සති අන්තයේ මා ඕවාදී කැරැලිකරුවන් එල්ල කළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත් වෙන බවත්, පරීක්ෂණ කටයුතු ඉන්දීයාත‍්‍රස්ත මර්දන කාර්යංශයට පැවැරී ඇති බවත් එරට පුවත් සේවා වාර්තා කරයි.
මා ඕවාදීන් එල්ල කළ ප‍්‍රහාරයෙන් ඉන්දීය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ දෙදෙනෙක් ඇතුළු 23 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 32කි.
මියගියේ කොංග‍්‍රස් පක්ෂ ප‍්‍රධානී නන්ද් කුමාර් පටිල්, ඔහුගේ පුතු දිනේෂ් සහ එම ප‍්‍රාන්තයේ හිටපු ස්වදේශ කටයුතු ඇමැතිවරයා වූ මහේන්ද්‍ර කර්මාය.
ඇමැති මහේන්ද්‍ර කර්මා 2005 වසරේදී මා ඕවාදීන්ගේ කි‍්‍රයා මැඬලීම සඳහා ත‍්‍රස්ත විරෝධී කමිටුවක් පිහිටුවීමට මූලිකත්වය දැරූ පුද්ගලයා ද වෙයි.
වනාන්තර ප‍්‍රදේශයක සැඟව සිටි මා ඕවාදීන් ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ දේශපාලනඥයන් ගමන් කළ රිය පෙළ ඉලක්ක කරගෙන ප‍්‍රහාර එල්ල කළේ බැස්ටර් පළාතේ ජිරාම් නිම්න ප‍්‍රදේශයේදීය. ආරක්ෂක නිලධාරීන් අට දෙනෙක් ද ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
කැරැලිකරුවන් ඉන්දීය රජයේ බලධාරීන් හා දේශපාලනඥයන් ඉලක්ක කරගෙන නිරතුරු ප‍්‍රහාර එල්ල කරයි. බොහෝවිට මෙම ප‍්‍රහාර එල්ල වනුයේ මධ්‍යම හා නැගෙනහිර ඉන්දියාවේ වනගත හා ගම්බද ප‍්‍රදේශවලදීය.
ඉන්දියාවට අභ්‍යන්තරික වශයෙන් ඇති එකම තර්ජනය මා ඕවාදීන්ගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා බව සඳහන් කළ ඉන්දීය අගමැති මන්මොහන් සිං, ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් සඳහා අවශ්‍ය සියලූ සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ද ප‍්‍රාන්ත බලධාරීන්ට දන්වා ඇතැයි ද වාර්තා විය.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය මා ඕවාදී කැරැුලිකරුවන්ගේ ප‍්‍රහාරය ගැන විශේෂ පරීක්ෂණයක්