IMG-LOGO

ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටී අටදෙනෙක් මරුට

උතුරු ඉන්දියාවේ ගංවතුර හා නාය යෑම් හේතුවෙන් අවතැන්වූවන් මුදා ගැනීමේ කටයුතුවල හා මෙහෙයුම්වල නිරතව සිටි ඉන්දීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එම යානයේ සිටි පුද්ගලයෝ අටදෙනෙක් පෙරේදා (25) ජීවිතක්‍ෂයට පත් වූහ.
මියගිය අය අතර හෙලිකොප්ටර් යානයේ ගුවන් නියමුවන් දෙදෙනා හරුණු විට අනෙක් හය දෙනාම සිවිල් වැසියන් බව වාර්තා වේ.
මෙලෙස අනතුරට ලක්වූයේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් එම්.අයි. 16 වර්ගයේ හෙලිකොප්ටර් යානයකි.
මෙම ගුවන් අනතුරින් පසුව ඉන්දීය ගුවන් හමුදාවට අයත් තවත් හෙලිකොප්ටර් යානා 4 ක් තවදුරටත් උත්තරාකාන්ද ප‍්‍රාන්තයේ ගංවතුරට හා නාය යෑම්වලට හසුවූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යොදවා තිබේ.
එම ආපදාවලින් පීඩාවට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම්වලදී පෙරේදා (25) දිනයේදී පමණක් පුද්ගලයන් 6000 ක් මුදාගැනීමට සහන සේවා කණ්ඩායම්වලට හැකිවී ඇත.
මෙම ගංවතුර හා නායයෑම් ආපදාවලින් දහසකට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූ අතර මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු සමූහ වශයෙන් සිදු කිරීමට ඉන්දීය බලධාරීන් විසින් කටයුතු කර ඇත.
 



අදහස් (0)

ඉන්දීය ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩාවැටී අටදෙනෙක් මරුට

නිමාලි Thursday, 27 June 2013 02:23 PM

දෙයියෝ සාක්කි

:       0       0

හෂිර් Friday, 28 June 2013 09:07 AM

ඉන්දියන් බඩු ඔහොම තමඊ දන්නේ නැද්ද (අ)

:       0       0

සම්පත් Thursday, 27 June 2013 08:48 AM

තමිල්නාඩුවට උල්කාපාතයක්වත් කඩාවැටියන්.(නදී)

:       0       0

රන්දි Friday, 28 June 2013 10:20 AM

අනේ පව් අසරණයෝ! ඕක ජයලලිතාගේ ගෙට උඩින් කඩන් වැටුනානම් මොකද අර අහිංසක ජීවිත ටික බේරලා.(නදී)

:       0       0

ඉන්දික Thursday, 27 June 2013 09:35 AM

ඉන්දියාව අපිට කොයි තරම් කෙනිහිරි කම් කලත් කනගාටුයි මට මේ සිද්දියට (දී)

:       0       0

ලංකා Friday, 28 June 2013 11:16 AM

ඉන්දියන් බඩු කඩා වැටෙනවා තමයි (නි)

:       0       0

අම්ලාන් Thursday, 27 June 2013 01:51 PM

මේවා ඉතාම පරණ හෙලිකොප්ටර් (නි)

:       0       0

ලක්මාල් Friday, 28 June 2013 06:40 AM

රටට සේවයක් කරන හමුදා නිලදාරීන් මරමුවට පත්වීම ජාතියේ අවාසනාවකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 468 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 906 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site