ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දුර්ගා දේව මැණියන්ගේ කෝවිලක පෙරේදා (13) උදෑසන සිදුවුණු තෙරැුපීමෙන් මියගිය ගණන 109 තෙක් ඉහළ ගොස් ඇති බවත්, මියගිය පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝදෙනකු සිටින බවත් ප්‍රාන්ත බලධාරීහු පවසති.
තෙරපීමට හසුවීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින පිරිස 150 කට වැඩිය.
තේරපීම සිදුවුණේ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දාටියා නුවර දුර්ගා දේව මෑණියන්ගේ කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන පූජෝත්සවය අතරතුරේය.
තෙරපීමට හේතු වී ඇත්තේ, කෝවිල දක්වා දිවෙන කුඩා පාලම කඩා වැටීමට යන බවට රාවයක් පැතිර යෑමෙනි. බියටත්, කලබලයටත් පත් වූ බැතිමතුන් එකිනෙකා පෙරළාගෙන කෝවිලෙන් පිටවී යෑමට උත්සහ කළ අවස්ථාවේදී, තෙරැුපීම හටගෙන ඇතැයි පොලිසිය පවසයි.
|
තෙරුපීම සිදුවුණු පාලම |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොපෙනෙන දෙවියන් වැන්ඳේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා..., (ස)
1984 ලංකාවට ආපු වෙලාවේ අපේ ස්වාමින් වහන්සේලා දෙනමක් ඔහුව ඉහලින් වර්නනාකලා මතක නද්ද?
මෝඩ කතා කියන්න එපා මරණය වලක්වන්න කාටවත් බැහැ (අ)
සත්‍යයා, සෑම ආගමක්ම වාගේ (සියල්ලම නෙමෙයි) අහිංසාව පදනම් කරගෙන තියෙන්නේ. මිනිසුන්ට අධ්‍යාත්මික ගුණ වගාවකට ඒ සියලුම ආගම් උදව් වෙනවා. දැන් ලෝකයේ "ඇතීස්ට්" හෙවත් අදේව වාදීන් කොටසක් ඉන්නවා. ඔවුන් කියා පාන්නේ ඕමාර් ඛය්යාම්ගේ දර්ශනය හරි කියලා. නමුත් ඒකෙන් වෙන්න පුළුවන් දුර් විපාක ගැන හිතාගන්න පුළුවන් නේද? ඒ නිසා ආගම් මනුෂ්‍යයාගේ යහපතට හේතු වුනේ නැහැ කීමත් මිනිසුන් අඳුරට තල්ලු කිරීමක් කීමත් කරුණු නොදැන කරන හිස් ප්රලාපයක් විතරයි. (ස)
පොඩි කුමාරි හාමිනේ, ඕනෑම ආගමක් අදහන්න මිනිසුන්ට නිදහස තිබෙන එක ඇත්ත. ඒ වුණාට ඔය කියන "ආගම්" මිනිසාගේ යහපතට බිහිවුණ දේවල් ද, නැත්නම් මිනිසුන් එන්න එන්නම අඳුරු අගාධ වලට තල්ලු කරන මායාකාරී චින්තනයක්ද කියලා හිතලා බැලුවා නම් හොදයි (නි)
ඕවාට විහිළු තහළු කරලා වැඩක් නැහැ. ලංකාවෙත් ඔයවගේම තමයි. දහදෙනෙක් මගීන් ඉන්නා තැනකට හිස් බස් එකක් ඇවිල්ලා නැවැත්තුවොත් බලන්න පුළුවන් පෙරළාගෙන නගින විදිය. බස් එකේ සිට් 40 ක් ම තිබුණත් දොර කඩාගෙන නැග ගන්න හදන්නේ? (නි)
දේව ප්රාතිහාර්යක් පාලා හරි මේ නස්පැත්තිය දුර්ගාට වළකාලන්නට නොහැකිවුණේ මන්ද? (නි)
බුද්ධාගම දන්න ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් අහගන්න දෙවියෝ කියන්නේ මොන වගෙ. අයද කියලා ඒ අයට මේ පොලමේ හිට ගන්නත් බැහැ ගිලෙනවා ඒ තරමි ඒ අය සිනිදුයි හරියට හිටියොත් දෙවියොයි අපිට වදින්නේ මොකද බුද්ධ චරිතය දිහා බලපුවාම ඒ බවට ඔනෑ කරමි සාක්ෂි තියෙනවා ටිකක් හිතන්න ඔය කියන තරමි ඒ අය බලවත් නැහැ ඔය තත්වය මවලා තියෙන්නනේ (අ)
මේ දෙවියන් යදින අවිචාර මිනිසුන් හා අපේ කතරගම වඳින්න යන අවිචාර මිනිසුන් අතර කිසිම වෙනසක් නෑ. අසරණ මිනිසුන්ට බොල් පිළිමයකින් කවර නම් පිළිසරණක්ද ,,,??? මේ අයට කවදා තේරේවිද මේ නොපෙනෙන දෙවියා යක්ෂයෙක් කියා . (ස)
මෝඩ මිනිසුන්, වෙන මැරෙන්න ක්‍රමයක් නැතිව වගේ. (ස)
කලි යුගයේ දෙවියෝ මිනිස්සු අමනුස්සයෝ වෙලා. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. (ස)
දුර්ගා දේව මෑණියෝ මෙයාලව බේරා ගත්තේ නැත්තේ ඇයි?? ලෝකේ ඉන්න අනෙක් මෝඩයෝ ටිකවත් මේක බලල හැදෙන්න. (ස)
මේ ගොල්ලන්ගෙ මානව හිමිකම් කැඩෙන්නේ නැත්ද ...... (ස)
අනේ මෙහෙමත් ගොන් මිනිස්සු. (ස)
මොලවල් වල තරම පේනවා. නොපෙනෙන දෙවියෝ වදින්න යන්නේ. පෙනෙන මිනිස් ජිවිත ගණන් ගන්නේ නැහැ. ඉන්දියාවේ තරම තේරෙනවානේ . විසි එක් වන සියවසේ අරුම පුදුම පරණ මිනිස්සු. (ස)
එහෙම කියන්න එපා රේමා අපේ සල්ලි තියන හරක් අර අහවලාගේ කීමට කතරගම ගියා වගේ තමයි... (ස)
ඕනෑම ආගමක් අදහන්න ලොව ඕනෑම මිනිසෙකුට අයිතියක් තිබෙනවා.හැබැයි අන්තවාදී නොවිය යුතුයි.දුර දිග නොබලා කරපු කතාවට දැන් ඒ අය මුළු ජිවිත කාලෙන්ම වන්දි ගෙවයි. (ස)
දුර්ගා දේව මෑණියෝ නැති වුන පවුල් වලට කන්ඩ අදින්ඩ අරගෙන දේවි. විසි එක් වන සියවසේ මෝඩ මිනිස්සු. (ස)
කාලි දේව මැණියන් මේ අහිංසක වන්දනා බැතිමතුන් බේරා ගත්තේ නෙත්තෙ මොකද.පව් අහිංසක මිනිස්සු.ලෝකයේ තියන සත්‍ය හැමටම වැටහේවා. (ස)