IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ඉන්දීය අගමැති සිං චීනයේ සංචාරයක

රුසියානු සංචාරය අවසන් කිරීමෙන් පසු, ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං පෙරේදා (22) චීනයේ බීජීං අගනුවරට පැමිණි අතර, ඊයේ (23) ඔහු චීන අගමැති ලී කෙකියැං සමඟ සාකච්ඡා පැවැත්වීය.

සාකච්ඡාවලට දෙරට අතර පවතින දේශසීමා අර්බුදයයි. ඉන්දියාවත් චීනයත් අතර හිමාල කඳුකර ප‍්‍රදේශය ආශි‍්‍රතව දේශසීමා අර්බුදයක් නිර්මාණය වූයේ 1960 දශකයේ සිටය.

1962 වසරේ දී දෙරට අතර, දේශසීමා ආශි‍්‍රතව අවි ගැටුමක් ද හටගත්තේය. ඉන්පසු අවස්ථා ගණනාවකදී, චීනයත් ඉන්දියාවත් අතර දේශසීමා අර්බුද ගැන සාකච්ඡා පැවැත් වුණු නමුත් එය විසඳා ගැනීමට නොහැකි විය. චීන - ටිබෙට් අර්බුදයේ දී, ඉන්දියාව චීනයෙන් පලා ආ ටිබෙට් ජාතිකයන්ට සහාය දීම ද චීනයේ විරෝධයට හේතුවක් වී ඇත.

දේශසීමා අර්බුදයට අමතරව ඉන්දියාවත්, චීනයත් අතර රාජ්‍යතාන්ති‍්‍රක මිතුදම් ශක්තිමත් කර ගැනීම කෙරෙහි ද අගමැති සිංගේ අවධානය යොමුවිය.
ඉන්දියාව ඇමෙරිකාවේ හිතවතකු වීම කලක පටන් චීනයේ විරෝධයට හේතුවක් වී ඇත. ඇමෙරිකාව ආසියානු කලාපයේ බලය තහවුරු කර ගැනීමට උත්සහ දැරීම ද චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

ඇමෙරිකාව ඉන්දියාවට සමීප වීම නිසා, චීනය පාකිස්තානයට සමීප වී සිටී. චීනයත් පාකිස්තානයත් අතර වඩා හොඳ රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා පවතී.
මීට අමතරව කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ද ඉන්දීය අගමැති සිං සහ චීන අගමැති කෙකියැං අතරේ සාකච්ඡා පැවැත්විණි. මුහුදු සීමා ආශි‍්‍රතව පැවැත්වීමට සැලැසුම් කර ඇති නාවික අභ්‍යාස ගැන ද දෙරටේ අගමැතිවරුන් අතරේ සාකච්ඡාවට බඳුන් වූයේ යැයි චීන පුවත් සේවා වාර්තා කර ඇත.

 

අගමැති සිං චීන අගමැති හමුවී සාකච්ඡා කරමින් ...

 



අදහස් (0)

ඉන්දීය අගමැති සිං චීනයේ සංචාරයක

දම් Thursday, 24 October 2013 02:51 PM

මට හිතෙන්නේ සිංගේ පිටිපස්සේ ඉන්නේ ඇමරිකාව. කවුද මේ සැරේ ගොනාට අන්දන්නේ.?(නදී)

:       0       0

නිල්මිණි Thursday, 24 October 2013 04:20 PM

මෙයාට අපේ රටේ තියෙන දෙයට තමයි එන්න බැරි. (නදී)

:       0       0

සිල්වා පීරිස් Thursday, 24 October 2013 01:29 AM

දෙපැත්ත කන, ඉන්දියා නිවටයන්ට වුවත්අතට අත දෙන චීනය සදා දිනේවා! (අ)

:       0       0

ලාල් Thursday, 24 October 2013 02:49 AM

එයා මොනවද ලොකු රටවල් වල මේ දවස්වල ගිහින් කරන්නේ? (නි)

:       0       0

චමත් [ලංකාව] Thursday, 24 October 2013 05:38 PM

ඉන්දියාව තමන්ට වැඩිය ඉහලින් ඉන්න අයට ඕන වෙලාවක දෙකට නැවෙනවා. එයාලට වැඩිය පහලින් [ යුදමය හා ආර්ථික අතින් ] ඉන්න අයට පාට් දානවා.(නදී)

:       0       0

දොඩන්ගොඩ Thursday, 24 October 2013 01:45 PM

ඉන්දියාව ඉන්නේ ලොකු කනස්සලකින් ලංකාව චීනය සමග පවත්වන ලබැඳි මිත්‍රකමට. (නි)

:       0       0

කුමාරි Thursday, 24 October 2013 09:10 AM

බලන් ගියාම ඔක්කොම කරන්නේ එක එක රටවල් වලින් ඒ රටවල් වලට කැල්ලක් අල්ලගන්න එකයි.සමගියෙන් ඉන්නනම් ඕන දෙකට හෝයියා කියල ඉන්න වෙනවා. තණ්හාව දුකට මුලයි කියල කවුරුත් දන්නැද්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 93 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 79 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1202 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1731 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2777 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 5170 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1180 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1484 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site