දින ගණනාවක් තිස්සේ ඉන්දුනීසියාවේ පවතින ලැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන්ට අමතරව හමුදාවේ සහාය ද යොදා ගන්නා බව එරට බලධාරීහු පවසති.
මේ වනවිට ලැව් ගිනි දුමාරය අසල් වැසි සිංගප්පූරුවට පැතිර ගොස් ඇති බවත් වාතය දූෂණය වීමෙන් සිංගප්පූරු වැසියෝ දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටින බවත් වාර්තා වේ.
එම වායු දූෂණය අතිමහත් බවත් එය වායු තත්ත්ව දර්ශකයේ 400 ඉක්මවා ඇති බවත් විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. වායු තත්ත්ව දර්ශකයේ ඉහළම අගය     400 ය.